ලංකාවේ මහ බැංකු බැදුම්කර නිකුත් කිරිමේදී රජයට සිදුවී ඇතැයි පැවසෙන පාඩුව සම්බන්ධව වෝහරික විගණන වාර්ථාවක් මහ බැංකුව නිකුත් කරලා තියනවා.
එයින් පහුගිය 2005-2015 අතර රැපියල් මිලියන 10 470ක් රජයට පාඩු වෙලා කියලා පෙන්නලා දීලා තියනවා
එහිදී පහුගිය යහපාලන රජයට වඩා මහින්ද බැදුම්කර වලින් හොරකම් කරලා කියලා මතයක් සමාජයේ හදනවා
විශේෂයෙන් මේක කරන්නේ ජනතා විමුක්ති පෙරමුණේ කියන අය.
එතැන වසර 10 තුළ මිලියන 10470 පාඩු වෙලා නම් ඒක හොරකමක් වෙන්න නම්
රනිල් වික්‍රමසිංහ අර්ජුන් මහේන්ද්‍ර ලවා බැදුම්කර වෙන්දේසියට බලපෑම් කරා කියලා වගේ
අජිත් නිවාඩ් කඩිරාල් කෝප් කමිටුවකදී කියන්න ඕන..( මොකද අර්ජුන මහේන්ද්‍ර එහෙම පිළිගත්තා)
යම් යම් බැදුම්කර නිකුත් කිරීම් ඉලක්ක කරගෙනම මහින්ද බැදුම්කර පොළී ප්‍රතිශත ඉහළ දාන්න නියෝග දීලා තියෙන්න ඕන.
( ආන්දෝලනයට තුඩු දුන්න යහපාලන බැදුම්කර නිකුතුවේදී අනවශ්‍ය පොළී ඉහළ දැමීමකට අර්ජුන මහේන්ද්‍ර බලකල බව සදහන් වෙනවා මහ බැංකු නිළධාරින් එහෙම සාක්ෂි දීලා තියනවා)
බැදුම්කර වෙන්දේසි නිකුතුවකදී හිතා මතාම අජිත් නිවාඩ් කබ්රාල් වෙන්දේසි පරිශ්‍රයට පැමිණ වෙන්ටද්සියට අදාල නියමිත.කාලය වැඩි කරන්න බලපෑම් කරලා තියෙන බව හොයා ගන්න ඕන
( අර්ජුන මහේන්ද්‍ර එහෙම කරලා තියන බව ජනාධිපති පරීක්ෂණ කොමිසම තුළ හෙළිවුනා)
මහින්දගේ රජය තුළ අනිවාර්යයෙන් බැදුම්කර නිකුතුවක ඒ අවස්ථාවේදී රටට අවශ්‍ය මුදලට වඩා වැඩි මුදලක් අජිත් නිවාඩ් කබ්රාල් ලවා බැදුම්කර නිකුතුවකින් අරං කියලා
( ආන්දෝලනයට පත්වුන යහපාලන බැදුම්කර නිකුතුවේ රජයට අවශ්‍ය මුදල වූ බිලියන එක වෙනුවට බිලියන 10ක් ලබාගෙන තියනවා)
රජයකට හිතා මතා අලාභ කිරීමයි පාඩු සිදුවීමයි කියන්නේ දෙකක්.
2005-2015 අතරේ රජයට පාඩු විදගෙන බැදුම්කර වලින් සල්ලි අරගන්න සිදුවුනා නම් ඒ ඇයි?
ඒ කාලයේ තමයි යුද්ධයට අපි වැඩිම මුදලකි වැය කලේ
ඒ කාලේ තමයි වසර 30කින් තාර පොදක් වැටුනේ නැති උතුරු පළාතේ දිස්ත්‍රික් පහක් නැවත ගොඩ නැගුවේ.
ඒ කාලේ තමයි ලංකාවට ගෙනාව බොරතෙල් සහ ඉන්ධන වැඩිම පිරිවැයකින් ඉහළ තිබ්බේ.
ඒ කාලේ තමයි අපට GSP එඓම නැතිකරලා ආර්ථිකමය අතින් අපිව වට්ටවන්න බැලුවේ.
ඉතිං ඒ මොනවත් නැතුව තමයි යහපාලන රජයේ බැදුම්කර වංචාව සිදු වුනේ.
මහින්දගේ කාලේත් මහින්ද යහපාලනය වගේ බැදුම්කර වලින් රටට වංචා කරලා කියලා කෑ ගහන්න කලිං
එහෙම අළාභයක් වෙන්න බලපාපු හේතුත්
මහබැංකුවට ඉදිරිපත් කරන්න කියමු.
අන්න එතනදී තමයි
මහින්දත්
අර්ජුන මහේන්ද්‍ර ලවා යහපාලනය බැදුම්කර වංචාවක් කරා කියලා ඔප්පු වුනා වගේ
මහින්දත් අජිත් නිවාඩි කබ්රාල් ලවා බැදුම්කර වලින් හිතාමතාම වංචාවක් කරලා කියලා නිගමනය කරන්න වෙන්නේ.
එහෙම නැතුව අපේ රනිල් හාමු එච්චර හොරකම් කරලා නෑ මැදමුලනේ මුරුගයා මේ බලන්න හොරකම් කරලා තියන විදිහ වගේ
අඩන එකයි කෑ ගහන එකයි දෙකම තේරුමක් නෑ.
හිතාමතා කරපු හොරකමකට දඩුවම් දෙන්න යනකොට
ඒක රාජ්‍ය මුල්‍ය ප්‍රතිපත්ති මත සිදුවන අලාභයකට ගොනු කරලා
එකී හොරකම සාධාාරණීකරණය කරන්නත් හොද නෑ.
මොකද බැදුම්කර කියන්නේ රජය ලාභ උපනය මුල්‍ය මෙවලමක් නෙවේ.
…………නුවන් මොණරවිළ ……………
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...