තුර්කියේ නැගෙනහිර ප්‍රදේශයේ ඇති වූ ප්‍රබල භූ කම්පනයකින් පුද්ගලයින් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුනා.
රිච්ටර් පරිමාණ ඒකක හයයි දශම අටක ප්‍රබලත්වයකිනුයි මෙම භූ කම්පනය හටගැනුනේ. පුද්ගලයින් පන්සිය පනස් තුන් දෙනෙකු තුවාල ලබා තිබෙනවා. තවත් තිස් දෙනෙකු අතුරුදන්ව ඇති බව සදහන්.
ඔවුන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබෙනවා. ගොඩනැගිලි කිහිපයකටද භූ කම්පනයෙන් දැඩි හානි සිදු වුණා. සිරියාව, ලෙබනයනය සහ ඉරානය යන රටවලටද මෙම භූ කම්පනය බලපෑ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
1999 වසරේ අගෝස්තු මාසයේ තුර්කියේ හටගත් මෙවැනි ප්‍රබල භූ කම්පනයකින් පුද්ගලයින් දාහත් දහසක් පමණ ජීවිතකෂයට පත්ව තිබෙනවා.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...