ජනාධිපතිවරණයේදී රුපියල් ලක්ෂ 900ක් ණය වූ ආකාරය පිළිබඳව වාර්තාවක් ලබා දෙන ලෙස එක්සත් ජාතික පක්ෂය ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාසට දැනුම් දීමට තීරණය කර ඇත.
පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇත.
මෙලෙස මුදලක් ණය වූ ආකාරය, වියදම් කළ ක්ෂේත්‍ර පිළිබඳව සවිස්තර වාර්තාවක් ලබා ගැනීමට පක්ෂය තීරණය කර ඇත. ජනාධිපතිවරණයෙන් පසු ජනාධිපති ධුර අපේක්ෂකයා වන සජිත් ප්‍රේමදාස පැවසුවේ තමන් මැතිවරණය හේතුවෙන් රුපියල් ලක්ෂ 900ක් ණය වී ඇති බවයි. ජනාධිපතිවරණයේදී ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ මැතිවරණ ව්‍යාපාරයේ සිටි නායකයන් මුදල් වියදම් කිරීම පිළිබඳව එකිනෙකාට චෝදනා කර ගත්හ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...