ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වීම සඳහා පකිස්ථානු නාවික හමුදාධිපති, අද්මිරාල් සෆර් මහමුද් මහතා ඊයේ (25) දින දිවයිනට පැමිණ ඇත.
ශ්‍රී ලංකා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල්ද සිල්වා ගේ ආරාධනාවක් මත පකිස්තානු නාවික හමුදාධිපති, අද්මිරාල් සෆර් මහමුද් දින පහක නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි අතර, ඔහු තම නිල සංචාරය තුළදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා හමුවීමට නියමිතයි.
තවද පකිස්තානු නාවික හමුදාධිපති, අද්මිරාල් සෆර් මහමුද් දිවයිනේ රැදී සිටින කාලය තුළදී යුධ හමුදාධිපති, ගුවන් හමුදාධිපති සහ ආරක්‍ෂක ලේකම් වරයාද හමුවීමට නියමිතව ඇත.
එසේම, තම නිල සංචාරය තුලදී පකිස්තානු නාවික හමුදාධිපති, අද්මිරාල් සෆර් මහමුද් විවිධ වැඩසටහන් රැසකටම සහභාගී වීමට නියමිත අතර, එතුමන් තම නිල සංචාරය නිමා කරමින් 2020 ජනවාරි මස 29 වන දින දිවයිනෙන් පිටත් වීමට නියමිතය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...