දේශීය පුවත්

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මහතා ලංකාවට ගෙන්වා ගැනීමේ සැළසුමක් සම්බන්ධයෙන් වාර්තාවේ.

ලබන පෙබරවාරි 24, 25 යන දිනවල ට්‍රම්ප් ඉන්දියාවට පැමිණ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි හමුවීමට නියමිත අතර, එම ගමනේදී පැය තුන හතරකට හෝ ට්‍රම්ප්ව ලංකාවට ගෙන්වා ගැනීම ආණ්ඩුවේ උත්සාහය වී තිබනෙ බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.

ලංකා ඉතිහාසයේ මෙතෙක් බලයේ සිටි ඇමෙරිකානු ජනාධිපතිවරයකු සිය නිල කාලය තුළ ලංකාවට පැමිණ නොමැති අතර, 2016 දී ඇමෙරිකානු ජනාධිපති බැරැක් ඔබාමා ලංකාවට පැමිණීමට නියමිතව තිබුණද සිය ආසියානු සංචාරය අතරතුරදී ලංකාවේ වෙසක් සතිය යෙදී තිබීම හේතුකොටගෙන ඔබාමාගේ ලංකා ගමන අවලංගු වී තිබුණි.

පසුගිය සතියේ සිදුකෙරුණු ඇමෙරිකාවේ දකුණු හා මාධ්‍යම ආසියානු කලාප භාර නියෝජ්‍ය රාජ්‍ය ලේකම්වරිය වූ ඇලිස් ජේ. වෙල්ස් මහත්මියගේ සංචාරය අතරතුරදීද ආණ්ඩුව මෙම මාතෘකාව පිළිබඳව වටින් ගොඩින් කතාබහ කර තිබූ බව ද වාර්තාවේ.

විශේෂයෙන්ම මේ දිනවල ඇමෙරිකාව ලංකාව කෙරෙහි විශාල උනන්දුවක් දක්වන අතර ඉන් පළමුවැන්න එම්.සී.සී. ගිවිසුමය. දෙවැන්න මේ වන විට ඉරානය හා ඇමෙරිකාව අතර උණුසුමය. තුන්වැන්න ආසියානු කලාපය තුළ සහ ලංකාව මුල්කරගෙන චීන රජය කරන බලපෑමය.

ශ්‍රී ලංකාවේ පිහිටීම අතින් ගත් කල මෙම කරුණු තුනටම ලංකාව පොදු කරුණක් බවට පත්ව තිබීම නිසා මෙම නියෝජ්‍ය රාජ්‍ය ලේකම්වරිය වූ ඇලිස් ජේ. වෙල්ස් මහත්මියගේ සංචාරය අතරතුරදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ඔවුන් විශාල උනන්දුවක් දැක්වූ බවක්ද දැකගන්නට ලැබුණෙි.

මේ නිසාම ආණ්ඩුව උත්සාහ කරන්නේ ඇමෙරිකානු රජය තුළ ඇති එම උනන්දුව උපයෝගි කරගෙන කෙසේ හෝ ට්‍රම්ප්ව පැය කිහිපයකට හෝ ලංකාවට ගෙන්වා ගැනීමට බව වාර්තාවේ.

ඒ හරහා ආර්ථික, සංචාරක හා ආරක්ෂාව සම්බන්ධයෙන් ලෝකයට යම් පණිවුඩයක් ලබාදීම ආණ්ඩුවේ අරමුණ බවද පැවසේ.

ඒ අනුව පසුගිය සතියේ සිටම ආණ්ඩුව විවිධ පාර්ශ්ව හරහා මෙම අරමුණ සාර්ථක කර ගැනීමට විශාල මෙහෙයුමක් ආරම්භ කර ඇති ආකාරයක් දැකගන්නට ලැබෙන බව එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

 

 



One thought on “ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පෙබරවාරියේ ලංකාවට?”

  1. ඔය එළිවෙන්නේ. බැරක් ඔබාමා ආවේ නැත්තේ වෙසක් හින්ද නෙමෙයි, මහින්දව පැරද්දුව කියල කටමැත දොඩපු ඇමරිකාවට එරෙහිව විශාල ජනතා විරෝධයක් ආව හින්ද. සිංහල බෞද්ධ චන්ද අරන් දැන් යූ ටර්න් ජනාධිපති සහ යූ ටර්න් ආණ්ඩුව එම්සීසී සහ සෝෆා ගිවිසුම් අත්සන් කරලා රට ඇමරිකාවට පාවල දෙන්න යනවා. ජනාධිපතිවරනෙට ඉස්සෙල්ලම ගෝඨාභය සහ බැසිල් මේ ගිවිසුම් අත්සන් කරනවා කියල ඇමරිකාවට පොරොන්දු වෙලා තියෙනව. වහල් ආණ්ඩුව ගෙදර යවල සිංහල බෞද්ධයෝ අන්තිමට පත් කරගෙන තියෙන්නේ රනිල්ටත් වඩා පරගැති, ඇමරිකන් සපත්තු ලෙවකන්නෙක්.

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More