දේශීය පුවත්

එක්සත් ජාතික පක්ෂයේ ‘අලි ප්‍රශ්න’ තවදුරටත් උග්‍ර වී ඇති බැවින්, පසුගිය සතිය වන විට රනිල් පිල – සජිත් පිල යන දෙපිල අතර සාකච්ඡා මුළුමනින්ම පාහේ ඇණහිට තිබුණු බව පෙනිනි. කෙසේවෙතත් රනිල් – සජිත් දෙපිලේම එකඟතාවයෙන් යුතුව දෙපිල අතර ගැටුම් වැළැක්වීමේ ‘මැදිහත්කරු’ වශයෙන් ‘කරු’ව තෝරාගෙන ඇත.

ඒ අනුව රනිල් සජිත් දෙපිලේ ම නියෝජිතයින් මේ වන විට කතා බහ කරන්නේ කරු සමගය. ඒ අනුව පසුගිය කාලයේ සජිත් විසින් අත්හැර දමා තිබුණු ‘එ.ජා.ප. නියෝජ්‍ය නායකකම’ නැවතත් ඔහු වෙත පැවරීමට අදාළ පියවර ගන්නැ’යි රනිල් ‘කරු’ හරහා ‘සජිත්’ වෙත දන්වා යවා තිබේ. එහෙත් මේ වනතුරුත් සජිත්ගෙන් ඊට කැමැත්ත පළ වී නොමැති අතර අකමැති බවක් පවසා ද නැත.

මේ ආකාරයට පසුගිය සතිය අවසන් වන විට දෙපිලේ ම අය එළියේදී ‘බැණ අඬගසාගැනීම්’ නවත්වා තිබුණි. කරු ජයසූරිය ද මෙකී භාරදූර වගකීම ඉතා කැමැත්තෙන් බාරගෙන ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More