දේශීය පුවත්

 නාරාහේන්පිට අභයාරාමාධිපති, බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නායක හිමිපාණන් වහන්සේගේ ජන්ම දිනය නිමිත්තෙන් මහා සංඝරත්නය විෂයෙහි  සංඝගත දක්ෂිණාවක් අද (26) දහවල් එම විහාරස්ථානයේ දී පැවැත්විණි.

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා, අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා ඇතුළු මැති ඇමතිවරු පිරිසක් ද එම අවස්ථාවට එක් වූහ.

වසර ගණනාවක් පීඩාවට පත්ව සිටි ජනතාව සමෘද්ධිමත් දේශයක් ගොඩනැගීම වෙනුවෙන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට විශිෂ්ට ජනවරමක් ලබාදුන් බව පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නායක ස්වාමින් වහන්සේ මෙහිදී පෙන්වා දුන්හ.

එම වගකීම ඉටුකිරීමට රටේ සමස්ථ මහා සංඝරත්නයේ ආශිර්වාදය සහ සහය නොඅඩුව ජනාධිපතිතුමාට හිමි වන බවද උන්වහන්සේ සඳහන් කළහ.

ගැබිණි මව්වරුන්ට වියළි ආහාර බෙදාදීමේ අවස්ථාවට ද ජනාධිපතිතුමා එක් විය.

අමරපුර සද්ධම්ම යුක්තික නිකායේ උත්තරීතර මහානායක පූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නායක හිමිපාණන් වහන්සේ,  ශ්‍රී පාදස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නායක ස්වාමින් වහන්සේ,  රුහුණු විශ්ව විද්‍යාලයේ කුලපති ආචාර්ය පූජ්‍ය අකුරැටියේ නන්ද නායක ස්වාමින් වහන්සේ, මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල නායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය මෙම අවස්ථාවට  වැඩම කර සිටියහ.

 

මොහාන් කරුණාරත්න
නියෝජ්‍ය අධ්‍යක්ෂ
ජනාධිපති මාධ්‍ය අංශය

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More