පුරවැසි කොලම

නොවැම්බර් 2019 පැවැති ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්‍ෂ දුන් පොරොන්දු ඉටු කිරීමට තුනෙන් දෙකක පාර්ලිමේන්තු බලයක් අවශ්‍ය බව එතුමාගේ පාර්ශ්වය පවසයි. ශී‍්‍ර ලංකා පොදු ජන පෙරමුණෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ එතුමා අදටත් කිසිදු දේශපාලන පක්‍ෂයක සාමාජිකත්වය ලබා නැත. ජනාධිපතිවරයා හදිසියේ එම පක්‍ෂයේ සාමාජිකත්වය ලබා ගැනීමේ සූදානමක් පෙන්නුම් කරන්නේද නැත.

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ පොහොට්ටුව ලකුණෙන් තරග කළහොත් තුනෙන් දෙකක පාර්ලිමේන්තු බලයක් හිමි කරගත හැකි බව එම පක්‍ෂයේ බහුතරයක් පවසයි. නමුත් ජනාධිපතිවරණයට පෙර ශී‍්‍ර ලනිපය ඇතුළු පක්‍ෂ 17 සමග එකඟතාවක් ඇති කර ගත් ආකාරයට පුළුල් සංධානයක් ලෙස ‘පුටුව’ ලාංඡුනය යටතේ තරග කළ යුතු බව ශී‍්‍රලනිපය ඇතුළු කොටසකගේ අදහසයි.

ශී‍්‍ර ලනිප නායක හිටපු ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා මැතිවරණ සටනට ඉදිරිපත් වී ඇත. තුනෙන් දෙකක් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂට ලබාදීමට ශී‍්‍රලනිපය සූදානම් බව එතුමා පවසයි.

කුමන ලාංඡනය යටතේ තරග කළත් තුනන් දෙකක පාර්ලිමේන්තු බලය ලබාගැනීම බරපතළ අභියෝගයකි. පාර්ලිමේන්තුව මංතී‍්‍රවරු 225 (තේරීපත්වන 196, ජාතික ලැයිස්තුව හරහා 29) සමන්විත වේ. එම සංඛ්‍යාවෙන් 150 ලබා ගැනීම 2020 මහා ඡන්දයේදී ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණට ජයගත නොහැකි අභියෝගයකි. පවතින මනාප ඡන්ද ක‍්‍රමය යටතේ පාර්ලිමේන්තුවේ සරල බහුතරය ලබා ගැනීමත් ඇත්ත වශයෙන්ම අභියෝගයකි. කෙසේ වෙතත් ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ අපහසුවකින් තොරව සරල බහුතරය එනම් ආසන 113 ලබා ගන්නා බවට සැකයක් නැත. එලෙස සරල බහුතරය ලබාගතහොත් මනාප ඡුන්ද ක‍්‍රමය හඳුන්වා දුන් පසුව මහා මැතිවරණයකදී ජයග‍්‍රාහී පක්‍ෂය සරල බහුතරය තුන්වන වරට ලබාගත් අවස්ථාව 2020 මහා මැතිවරණය වනු ඇත.

එජාප නායක ජනාධිපති රණසිංහ පේ‍්‍රමදාසගේ නායකත්වය යටතේ 1989 දී හා ශී‍්‍රලනිප නායක ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ මෙහෙයවීම යටතේ 2010 දී ද රජයට සරල බහුතරය හිමි විය. එම ඡන්ද දෙකම විශේෂ තත්ත්වයන් යටතේ පැවැත්විණි.

ජනාධිපති පේ‍්‍රමදාස 1989 මහා මැතිවරණය මෙහෙයවූයේ ජවිපෙ භීෂණය මධ්‍යයේය. 2010 මහ මැතිවරණය එවකට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ ජයගත්තේ කොටි ත‍්‍රස්තවාදය පරදා වසරක් තුළය.

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණට තුන්වැනිවරට පාර්ලිමේන්තුවේ සරල බහුතරය හිමි කර ගැනීමට හැකිවේද?

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මාර්තු 02 පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ඉඩ ඇත. 19 වැනි සංශෝධනය අනුව පාර්ලිමේන්තුව විසිරවීමට ජනාධිපතිවරයාට බලය ලැබෙන්නේ මාර්තු 02 දිනය. එලෙස සිදුවිය හැකි බව දේශපාලන ක්‍ෂේත‍්‍රයේ සාකච්ඡුාවට බඳුන් වේ. එලෙස සිදුවුවහොත් මහා මැතිවරණය බොහෝ විට අපේ‍්‍රල් අවසන් සතියේ පැවැත්වෙනු ඇත.

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ඒකායන බලාපොරොත්තුව කෙසේ හෝ පාර්ලිමේන්තුවේ සරල බහුතරය ලබා ගැනීම මෙන්ම හැකිතාක් දුරට තුනෙන් දෙකේ සීමාවට සමීප වීමයි. ආසන 150 කිට්ටු කිරීම පහසු කටයුත්තක් නොවේ.

මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාගේ නායකත්වය යටතේ එක්සත් ජනතා නිදහස් සන්ධානයට 150 සීමාව ඉතා සමීප වීමට හැකි විය. එම බලගතු දේශපාලන සන්ධානයේ ශී‍්‍රලනිප මන්තී‍්‍රවරු පමණක් 126 ක් විය. එවකට එම පක්‍ෂයේ මහ ලේකම්, මෛති‍්‍රපාල සිරිසේන විය. 2014 අග භාගයේ 126 ශී‍්‍රලනිප මන්තී‍්‍රවරු සිටි පාර්ලිමේන්තුවේ එම පක්‍ෂය නියෝජනය කරනු ලබන මන්තී‍්‍රවරු 20 නැත. පක්‍ෂය බරපතළ අර්බුදයක බව අමුතුවෙන් කිව යුතු නැත.

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ ශී‍්‍ර ලනිපය සහ අනෙකුත් පක්‍ෂ සමග මහා මැතිවරණයට ඉදිිරිපත් වීමට පොරොන්දු වූ පරිදි පුටුවෙන් ඉදිරිපත්වීම මග හැරියොත් හිටපු ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේනගේ කණ්ඩායම බරපතළ අනතුරක බව පැහැදිලිය.

මහා මැතිවරණයේ උපාය මාර්ග ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ, අගමැති මහින්ද රාජපක්‍ෂ සහ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්‍ෂ මැදිහත් වීමෙන් තීරණය වනු ඇත. පොදුජන පෙරමුණ සහ ශී‍්‍ර ලනිපය සහයෝගයෙන් කටයුතු කිරීමේ අතිශය වැදගත්කම එම පක්‍ෂ දෙකට අමුතුවෙන් කියා දිය යුතු නැත.

ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුවේ අවශ්‍ය තුනෙන් දෙකක බලයට සමීප වීමට ඇති අවස්ථාව බොහෝ විට තීරණය වනු ඇත්තේ එජාප නායකත්වය හැසිරෙන ආකාරය අනුව බව නිගමනය කළ හැකිය. හිටපු අගමැති එජාප නායක රනිල් වික‍්‍රමසිංහ සහ පරාජිත ජනාධිපති අපේක්‍ෂක සජිත් පේ‍්‍රමදාස නායකත්වය දෙන කණ්ඩායම් දෙක මාරාන්තික ‘යුද්ධයක’ නියැලී ඇත.

ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිවරයා ලෙස නොවැම්බර් මස 18 දින අනුරාධපුරයේ දිවුරුම් දුන් දා සිට මාස දෙකකට අධික කාලයක් එජාපයේ සටන් පවතී. එජාප ගැටුම එජාප මන්තී‍්‍රවරු සහ 2015 අගෝස්තු 17 දින මහා මැතිවරණයේදී එජාපයේ ‘අලියා’ ලාංඡුනයෙන් තරග කළ අනෙකුත් පක්‍ෂවලට බලපෑම් කරයි. වර්තමානය එජාප නායකයාට හිතවත් කණ්ඩායම පක්‍ෂයේ ව්‍යවස්ථාව පලිහක් ලෙස යොදා ගෙන ඇත. ව්‍යවස්ථාවේ ප‍්‍රතිපාදන අනුව පක්‍ෂ නායකත්වය රනිල් වික‍්‍රමසිංහට තවදුරටත් හිමි බව එම කණ්ඩායම දිගින් දිගටම පවසයි.

පාර්ලිමේන්තු කණ්ඩායමේ අති බහුතරය සජිත් පේ‍්‍රමදාස තම පක්‍ෂයේ නායකයා ලෙස අවශ්‍ය බව අවධාරණය කර තිබේ. ජනවාරි 16 දින සිරිකොතට රැුස්වූ එජාප පාර්ලිමේන්තු කණ්ඩායම ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ නායකත්වය දෙන දේශපාලන බලවේගය පාර්ලිමේන්තු මැතිවරණයේදී පරාජය කරනු ලබන ආකාරය පිළිබඳව සාකච්ඡුා කරනු වෙනුවට පක්‍ෂ මූලස්ථානය දෙවනත් කළේය. රනිල් වික‍්‍රමසිංහ නායකත්වය දෙනු ලබන කුඩා කණ්ඩායම ජයග‍්‍රහණය කළේය. බහුතර එජාප මන්තී‍්‍රවරු නියෝජනය කළ කණ්ඩායමට තම අභිලාෂය ඉටු කර ගැනීමට නොහැකි විය.

එජාප නායකයාට පාර්ලිමේන්තු කණ්ඩායමේ බලය අහිිමි වී ඇතත් ව්‍යවස්ථාවේ අනුහසින් තවදුරටත් බලයේ රැුඳී සිටීමට අවස්ථාව ලැබී ඇත. ඇත්ත වශයෙන්ම එජාප ව්‍යවස්ථාව රනිල් වික‍්‍රමසිංහට බලවත් පලිහකි. පක්‍ෂයේ නායකත්වය අතහැරීම ප‍්‍රතික්‍ෂේප කළ රනිල් වික‍්‍රමසිංහ නායකත්වය සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමට පාර්ලිමේන්තු කණ්ඩායම අතර ඡුන්දයක් පැවැත්වීම නොකරන බව පැවසීය.

එජාපය බරපතළ අර්බුදයක බව පැහැදිලිය. රනිල් වික‍්‍රමසිංහ ගත් ස්ථාවරයත් සමග සජිත් පේ‍්‍රමදාසට සංධානයක් ගොඩනැඟීම හැර වෙන විකල්පයක් නැත.

ජනාධිපතිවරණයේදී බරපතළ පසුබෑමකට ලක්වූ එජාපය පක්‍ෂයේ නායකත්වය පිළිබඳව වහා තීරණයකට නොපැමිණීම එම පක්‍ෂයට දිවි හිමියෙන් ආදරය කරනු ලබන පාක්‍ෂිකයන්ට වේදනාවකි. ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සජිත් පේ‍්‍රමදාස සුදුසු නම් එම පක්‍ෂයේ නායකයා වීමට ඔහුට අඩුපාඩුවක් තිබිය නොහැක. තීව‍්‍ර වෙමින් පවතින බල අරගලය පක්‍ෂයේ කොඳු නාරටිය බිඳ ඇත. ජනාධිපතිවරණයක් පරාජය වූවාට පසුව පක්‍ෂය ඉදිරියට ගෙන යෑමට නායකත්ව මණ්ඩලයක් යෝජනා කිරීම විගඩමකි. නායකත්වය කෙසේ හෝ රැුක ගැනීමේ මාරාන්තික උත්සාහයක යෙදී සිටින රනිල් වික‍්‍රමසිංහගේ පාර්ශ්වයේ බලාපොරොත්තුව සජිත් පේ‍්‍රමදාස සටන අතහැර නැවත වර්තමාන නායකත්වය පිළිගැනීම බව පැහැදිලිය.

රනිල් වික‍්‍රමසිංහ පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටින පාර්ලිමේන්තු මන්තී‍්‍රවරු සජිත් පේ‍්‍රමදාසට ප‍්‍රහාර එල්ල කරති. එජාප නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාසට 2019 ජනාධිපතිවරණයේ අපේක්‍ෂකත්වය ලබා දුන්නේ අවසාන මොහොතේදීය. රනිල් වික‍්‍රමසිංහට හෝ කරු ජයසූරියට තරගයට ඉදිරිපත් වීමට නොහැකි වූයේ සජිත් පේ‍්‍රමදාස සටන අතහැරියේ නැති නිසාය. සජිත් පේ‍්‍රමදාසට අපේක්‍ෂකත්වය ලබා දෙනවිට ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිවරණය තම ග‍්‍රහණයට ගෙන තිබිණි. උතුර නැගෙනහිර ඡන්ද නොවන්නට සජිත් පේ‍්‍රමදාස වැඩි ඡන්ද ලක්‍ෂ 20කට අධික ප‍්‍රමාණයකින් පරාද වන බව රනිල් වික‍්‍රමසිංහ කණ්ඩායමේ ප‍්‍රබලයකු වූ වජිර අබේවර්ධන මෑතකදී පැවසීය. ගාලූ දිස්ති‍්‍රක් මන්තී‍්‍ර වජිර අබේවර්ධන සජිත් පේ‍්‍රමදාස මෙම අවස්ථාවේ එජාප නායකත්වයට සුදුසු තත්ත්වයක නොමැති බව පවසයි. අබේවර්ධන දකින ආකාරයට සජිත් පේ‍්‍රමදාසට රනිල් වික‍්‍රමසිංහ සමග හැරෙන්නටවත් බැරිය. ඔහු පෙන්වා දෙන්නේ එජාපයේ නායකත්වය බලාපොරොත්තු වන සජිත් පේ‍්‍රමදාසට තම හම්බන්තොට බල ප‍්‍රදේශයවත් ජයග‍්‍රහණය කිරීමට හැකියාවක් නැති බවය.

බොහෝ එජාප මන්තී‍්‍රවරු බලාපොරොත්තු වූයේ එජාපයේ නායකත්ව අර්බුදය ජනවාරිිි 16 දින විසඳා ගැනීමට හැකි බවයි. මෙම ලියුම්කරු ජනවාරි 12 දින සිරිකොතේ කොළඹ දිස්ති‍්‍රක්ක මන්තී‍්‍ර මුජිබර් රහුමාන් පැවැත්වූ ප‍්‍රවෘත්ති සාකච්ඡුාවට සහභාගි විය. මන්තී‍්‍රවරයා ගැටලූව ජනවාරි 16 විසඳා ගැනීමට හැකි බවට විශ්වාසය පළ කළේය.

බලාපොරොත්තු සුන්වූ එකම එජාප මන්තී‍්‍රවරයා රහුමාන් නොවේ. මෙම ලියුම්කරු රහුමාන් මන්තී‍්‍රවරයාගෙන් විමසුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මුහුණදෙන ගැටලූ කතා කරන ඔහුට පක්‍ෂය විනාශ කරන නායකත්ව

ගැටුම පක්‍ෂයට කළ හානි පෙනෙනවාද? ලියුම්කරු සමග එකඟ වන බවත් 16 වන දින සිරිකොතෙහි පැවැත්වෙන පාර්ලිමේන්තු කණ්ඩායම් රැුස්වීමේදී ගැටලූව විසඳා ගත හැකි බව පැවසීය. නමුත් එජාපයේ බහුතරයේ අභිලාෂය බොඳවී ඇත.

එජාපයේ නොනවතින සටන ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ වාසියට හේතු වී ඇත.

එජාපයේ ගැටුම හේතුවෙන් තම පක්‍ෂයට පාර්ලිමේන්තු මැතිවරණයේදී තුනෙන් දෙකක බලය ලබා ගැනීමට හැකි බවට අගමැති මහින්ද රාජපක්‍ෂ ජනවාරි 20 දින අරලියගහ මන්දිරයේදී පැවසීය. විiුත් මාධ්‍යවේදීන් සමග පැවැති සාකච්ඡුාවකදී අගමැති මහින්ද රාජපක්‍ෂ පැවසුවේ එජාපයේ එළිපිට ගැටුම තමන්ට වාසිදායක බවයි.

ජනාධිපතිවරයා මාර්තු 02 දින පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පෙර පක්‍ෂ නායකත්ව අර්බුදය විසඳා ගැනීමට හැකිවේද? ව්‍යවස්ථාව පසෙකට දමා එජාප නායකයා බහුතර කැමැත්තට ඉඩ ලබා දුන්නත් පසුගිය සති කිහිපය තුළ සිදු කළ හානිය යථා තත්ත්වයට පත් කළ නොහැක. එජාපය මෙලෙස දුර්වල වූ ප‍්‍රථම අවස්ථාව මෙය නොවේ. නමුත් රනිල් වික‍්‍රමසිංහගේ නායකත්වය යටතේ පක්‍ෂය ගිනියම් කළ ප‍්‍රශ්නවල සීමාවක් නැත. එජාප නායකයාගේ ප‍්‍රතිපත්ති පක්‍ෂය ප‍්‍රබල ප‍්‍රශ්නවලට තෝතැන්නක් වී ඇත. පක්‍ෂය පිිරිහීමට අනුවණ එජාප ප‍්‍රතිපත්ති සහ පක්‍ෂය බරපතළ ලෙස බලපෑ ¥ෂණ චෝදනා හේතු විය.

රනිල් වික‍්‍රමසිංහගේ නායකත්වය මෑතක් වනතුරුම ඉහළින්ම පිළිගත් ආචාර්ය හර්ෂ ද සිල්වා නායකත්වයේ වෙනසක් වහාම අවශ්‍ය බවට ප‍්‍රකාශ කිරීම ඇත්ත වශයෙන් ම එජාප ගැටුම තීව‍්‍ර කර ඇත. ආචාර්ය හර්ෂ ද සිල්වා රනිල් වික‍්‍රමසිංහ වෙනුවෙන් අවසන් මොහොත දක්වාම පෙනී සිටියේය. එජාප නායකයා සමග සිටින අතළොස්සකම පෞද්ගලික වාසි ප‍්‍රයෝජන තකා එලෙස හැසිරෙන බව සජිත් පිල පවසයි.

ජනාධිපතිවරණය පරාජය වූ පසු සජිත් පිල චෝදනා කළේ රනිල් වික‍්‍රමසිංහ එම පරාජයට වගකිව යුතු බවයි.

එජාපය පරාජය වූයේ එම පක්‍ෂයේ ප‍්‍රතිපත්ති බහුතර සිංහල ජනතාවට ප‍්‍රිය නොවූ නිසාය. ගෝඨාභය රාජපක්‍ෂ බහුතර සිංහල ඡන්දයෙන් ජනාධිපති වූ ප‍්‍රථමයා වන්නේ එජාප දකුණ ප‍්‍රතික්‍ෂේප කළ නිසාය. එම පක්‍ෂයේ අවාසනාවට පාර්ශ්ව දෙකටම භූමියේ සැබෑ තත්ත්වය පිළිබඳව පැහැදිලි අවබෝධයක් නැත. නායකත්වය වෙනස් කිරීම මත පමණක් එජාපය නැවත ජයග‍්‍රාහී මාවතකට ගෙන ආ නොහැක.

ජනාධිපතිවරණ වේදිකාවේදී සජිත් පේ‍්‍රමදාස දැනට රිමාන්ඞ් භාරයේ සිටින ගම්පහ දිස්ති‍්‍රික් පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායක වේදිකාවේ තබාගෙන ප‍්‍රකාශ කළේ තමාගේ පාලනයක් යටතේ හොරු ඇල්ලීමේ කාර්යය එම මංතී‍්‍රවරයාට බාර කරන බවයි. මන්තී‍්‍රවරයා රිමාන්ඞ් භාරයට පත්වූ පසු සජිත් පේ‍්‍රමදාස ඔහු සම්බන්ධයෙන් අදහසක් ප‍්‍රකාශ කිරීමටවත් කැමැති නැත. රාමනායක මන්තී‍්‍රවරයා හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර සමග සජිත් පේ‍්‍රමදාස සහ ඔහුගේ බිරිඳ ජලනි සම්බන්ධයෙන් කළ අදහස් දන්නා එජාප නායකයාට මන්තී‍්‍රවරයා සම්බන්ධයෙන් කීමට කිසිවක් නොමැතිවීම පුදුමයක් නොවේ.

නායකත්ව අර්බුදය හේතුවෙන් එජාපයට බරපතළ හානියක් සිදුවිය. රන්ජන් රාමනායක කළ හානිය ද සුළුපටු නොවේ. හිර භාරයේ පසුවන රාමනායක ද රනිල් වික‍්‍රමසිංහ කණ්ඩායමේ ප‍්‍රබලයෙකි. රාමනායක එවකට අගමැති රනිල් වික‍්‍රමසිංහ කණ්ඩායමේ ප‍්‍රබලයෙකි. රාමනායක එවකට අගමැති රනිල් වික‍්‍රමසිංහ සමග කළ දුරකථන සංවාදයක් හෙළිදරව් කර ඇත. මන්තී‍්‍රවරයා සහ පක්‍ෂ නායකයා අතර සිදුවූ පටිගත කළ එකම සංවාදය එය විය නොහැක. රාමනායක නොයෙකුත් පුද්ගලයන් සමග කරනු ලබන දුරකථන සංවාද පටිගත කර තබාගන්නා බව රනිල් වික‍්‍රමසිංහ දැන සිටියාද? කෙසේ වෙතත් මන්තී‍්‍රවරයා තමා සමග කළ සංවාද පටිගත කර තබාගන්නා බවට රනිල් වික‍්‍රමසිංහ නොසිතන්නට ඇත.

නායකත්ව ගැටුම සහ රන්ජන් රාමනායක මෙහෙයුම එජාපය දේශපාලන සුනාමියකට හසුකර ඇත. රන්ජන් රාමනායක අධිකරණ පද්ධතියට කළ හානියට එජාපය වගකිව යුතුය.

රාමනායක අධිකරණයට කළ මැදිහත් වීම් මන්තී‍්‍රවරයාගේ තනි වුවමනාවට කළාද? එසේත් නැතහොත් එජාප සහ එම පක්ෂයේ පාර්ශ්වකරුවන්ගේ අනුදැනුම මත කළාද? දැනට අධිකරණ සේවා කොමිසම සහ පොලිසිය රන්ජන් රාමනායකගේ හඬපට සම්බන්ධයෙන් කරනු ලබන පරීක්‍ෂණ හේතුවෙන් එම පක්‍ෂය තව දුරටත් අගාධයට යනු ඇත.

රන්ජන් රාමනායක තමන් ඇටවූ උගුලෙම හිරවී ඇත. රන්ජන් සමග රාජකාරි කටයුතු සම්බන්ධයෙන් කතා කළ සියලූම පුද්ගලයන් තම දේශපාලන සහ පෞද්ගලික ජීවිතය සහ නිල තත්ත්වය විනාශ කරගෙන ඇත. ඉවත් කරන ලද රහස් පොලිස් අධ්‍යක්‍ෂක ශානි අබේසේකර හමුදා බුද්ධි අංශ ප‍්‍රධානි බි‍්‍රගේඩියර් සුරේෂ් සලේට එරෙහිව රන්ජන් රාමනායක හරහා එවකට අගමැති රනිල් වික‍්‍රමසිංහ ගතු කීම සාධාරණය කළ හැකිද?

මන්තී‍්‍ර මහින්දානන්ද අලූත්ගමගේට වෙඩි තැබීමට පුහුණු වීම සම්බන්ධයෙන් පොලිසිය ප‍්‍රශ්න කළහොත් ප‍්‍රශ්නයක් නොවන ආකාරයට පිළිතුරු දීමට අගමැති වික‍්‍රමසිංහ උපදෙස් අදහා ගත නොහැක. එම සංවාදය පටිගත කර තමා ළඟ සුරක්‍ෂිතව තබා ගැනීම ද තේරුම් ගැනීමට නොහැකිය. රන්ජන් රාමනායක තම මාදිවෙල මන්තී‍්‍ර නිවාසය රහස් ඔත්තු සේවාවක ගබඩාවක් ලෙස යොදාගෙන ඇත. ගම්පහ දිස්ති‍්‍රක්ක එජනිස මන්තී‍්‍ර නිමල් ලන්සා පවසන්නේ මාදිවෙල නිවාසය ගණිකා මඩමක් බවයි.

පක්‍ෂ නායකත්වය සහ රන්ජන් රාමනායකගේ නොපනත්කම් හේතුවෙන් එජාපයට බරපතළ පීඩනයක් කර ඇත. මහා ඡුන්දයට සූදානම් වීම පසක තබා වර්තමාන නායක වික‍්‍රමසිංහ ඉවත් කිරීමේ මෙහෙයුමේ මන්තී‍්‍ර කණ්ඩායම යෙදී සිටී. රන්ජන් සම්බන්ධයෙන් මාධ්‍ය දිනපතා කරනු ලබන අසික්කිත හෙළිදරව්වලට පිළිතුරු දීමට එජාපයට සිදුවී ඇත. එජාපය පවත්වන සියලූම මාධ්‍ය හමු නායකත්ව ගැටලූව සහ රාමනායක හඬපට ග‍්‍රහණයට ගෙන ඇත.

ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිවරයාගේ රජයට පාර්ලිමේන්තුවේ සරල බහුතරය නැතත් වැඩි අපහසුවක් නොමැතිව ඉදිරියට යෑමේ අවස්ථාව උදාවී ඇත.

එජාප ගැටුමෙන් දෙපාර්ශ්වයම තුවාල ලබා ඇත. බී. බී. සී. සිංහල සේවයේ අසාම් අමීන් සමග 2019 නොවැම්බර් 16 දින ජනපතිවරණයට පෙර රන්ජන් රාමනායක කළ සංවාදය ද අන්තර්ජාලය දෙවනත් කරයි.

ගෝඨාභය රාජපක්‍ෂ පරාජය කරන ක‍්‍රමය සම්බන්ධයෙන් අමීන් රන්ජන් රාමනායකට දෙන උපදෙස් අපූරුය. 2015 අගෝස්තු මහ මැතිවරණයේදී මොනරාගලින් තරග කර ජනතාව ප‍්‍රතික්‍ෂේප කළ පසුව එ.ජ.නි.ස. ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ඇතුළු වී මෑතකදී එජාපයට එකතු වූ විජිත් විජිතමුනි සොයිසා ද එම සංවාදයට එක්වේ.

රන්ජන් රාමනායකට අපූරු පුරුද්දක් තිබේ. තමන් දුරකථන සංවාදයේ යෙදී සිටින පුද්ගලයාට තමන් සමග සිටින ඕනෑම අයකුට කතා කිරීමේ අවස්ථාව ලබා දීමයි. පොලිස් පරීක්‍ෂක නිශාන්ත සිල්වා කන්දප්පා සමග දුරකථන සංවාදයක යෙදෙන රන්ජන් රාමනායක තම ‘ස්මාට්’ දුරකථනය එවකට අගමැති රනිල් වික‍්‍රමසිංහට දෙයි. රන්ජන් රාමනායකගේ අවශ්‍යතාවය, අගමැතිවරයා ද එම නිලධාරියාට කතා කිරීමයි. නමුත් අගමැතිවරයා එම අවස්ථාව ප‍්‍රයෝජනයට ගන්නේ නැත. ඒ එතුමා රන්ජන් රාමනායක දුරකථන සංවාද පටිගත කරන බව දැන සිටි නිසාද?

අසාම් අමින් බී. බී. සී. සිංහල සේවය එජාපය ඉහළට එසවීමේ කි‍්‍රයාවලියට යොදා ගත් බව පැවසීය. රන්ජන් රාමනායක සමග පටිගත කළ සංවාදය අනුව අමින් එජාප උපදේශකයෙකි. ජවිපෙ ඡුන්ද දිනා ගැනීමට උපදෙස් දෙයි. පොහොට්ටු පාක්ෂිකයකු කළ ස්තී‍්‍ර ¥ෂණයක් එජාප මැතිවරණ මෙහෙයුමට යොදා ගැනීම සම්බන්ධයෙන් ද උපදෙස් දෙයි. රන්ජන් රාමනායකගේ මුහුණු පොත ගිණුම ද පාලනය කිරීමට බලය තිබුණැයි චෝදනාවට ලක්වී ඇති බීබීසී සිංහල මාධ්‍යවේදියා කැබිනට් පුවත්පත් සාකච්ඡුාව ඇතුළු ප‍්‍රධාන මාධ්‍ය හමු ආවරණය කරයි. ඔහුගේ පියා ද ප‍්‍රවීණ මාධ්‍යවේදියෙකි. නමින් එන්. එම්. අමින්ය. මාධ්‍ය සංවිධානවල ප‍්‍රබල සාමාජිකයෙකි. ජනාධිපතිවරයා සමග පුවත්පත් කතුවරු මුණගැසෙන අවස්ථාවලදී අනිවාර්යයෙන්ම සහභාගි වන මාධ්‍යවේදියෙකි. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ, ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන සහ මෑතකදී ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ කර්තෘවරුන් මුණගැසුණ අවස්ථාවේදී ද අමින් සිටියේය. තම පුත‍්‍රයා එජාප උපදේශකයකු ලෙස කටයුතු කරන බව අමීන් දැන සිටියාද? බීබීසී සිංහල මාධ්‍යවේදියාගේ කි‍්‍රයාකලාපය සම්බන්ධයෙන් එම ආයතනයට පැමිණිල්ලක් ඉදිරිපත් වී ඇත. කෙසේ වෙතත් ගෝඨාභය රාජපක්‍ෂ පැරද්ද වීමට සජිත් පේ‍්‍රමදාසට හැකියාවක් නොමැති බව එජාපයට දැන්වීමෙන් බීබීසී සිංහල මාධ්‍යවේදියා භූමියේ තත්ත්වය තේරුම් ගැනීමට තමන්ට ඇති හැකියාව පෙන්නුම් කර ඇත.

ගෝඨාභය රාජපක්‍ෂ තමන්ට පොහොට්ටුවේ ජනාධිපති අපේක්‍ෂකත්වය ලැබීමෙන් පසුව කොළඹ ෂැන්ගි‍්‍රල්ලා හෝටලයේදී දෙස් විදෙස් මාධ්‍ය හමුවිය. එහිදී හිටපු ආරක්‍ෂක ලේකම්වරයාව හැල්ලූවට ලක් කිරීමට යම් මාධ්‍ය දැඩි උත්සාහයක් ගත්තේය. ඉන්දියානු මාධ්‍ය ද ඒ කණ්ඩායම අතර විය. ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවයේ යෙදී සිටියදී නොවැම්බර් 25, 2019 පැහැර

ගැනීමට ලක්වූයේ යැයි කිවූ ගානියා බැනිස්ටර් ෆ‍්‍රැන්සිස් සිද්ධිය අල්ලේ පැළවෙන බොරුවක් බව හෙළිවීමෙන් පසු රටින් පිටවූ දී ඔබ්සවර් පුවත්පතේ කර්තෘවරිය දර්ශා බැස්ටියන්ද එහි විය. ද හින්දු පුවත්පතේ කොළඹ වාර්තාකාරිනිය මීරා සිරිනිවාසන් ගෝඨාභය රාජපක්‍ෂව ප‍්‍රශ්න කළේ එතුමා ද්‍රවිඩ වැසියන් පැහැරගෙන යන අවස්ථාවේදී ඇය එම සිද්ධිය බලාගෙන සිටි ආකාරයටය. ශී‍්‍ර ලංකාව යුද අපරාධ උගුලේ පැටලවීමේ උත්සාහයක යෙදී සිටින පුද්ගලයන්ට මීරාගේ ප‍්‍රශ්න ඇසීම මහත් සතුටට කාරණයක් විය.

රන්ජන් රාමනායක – අමීන් සංවාදය පසුබිමේ දෙස් විදෙස් මාධ්‍ය හැසිරෙන ආකාරය පිළිබඳව විමසා බැලීමක් අවශ්‍යය. අමීන් නැවත රන්ජන් රාමනායකට දුරකථන ඇමතුම් ගන්නේවත් එජාප මන්තී‍්‍රවරයාගෙන් ලැබෙන දුරකථන ඇමතුම්වලට උත්තර දෙන්නේවත් නැත. රන්ජන් රාමනායකගේ වික‍්‍රමය හේතුවෙන් අධිකරණ ක්‍ෂේත‍්‍රය, පොලිසිය, පාර්ලිමේන්තුව පමණක් නොව මාධ්‍ය දේශපාලනයේ කරන භූමිකාව ද විවාදයට ලක්වී ඇත. රන්ජන් රාමනායක ඉහත සඳහන් කණ්ඩායම් නිර්දය ලෙස පාවිච්චි කරයි. එලෙසම එජාපයේ මැතිවරණ කි‍්‍රයාවලිය ශක්තිමත් කිරීමට අමීන් රන්ජන් රාමනායක පාවිච්චි කරන ආකාරය විශ්මයජනකය. අමීන් රන්ජන් රාමනායක යොදා ගත්තේ ගෝඨාභය රාජපක්‍ෂගේ පාර්ශ්වය මාධ්‍ය මර්දනය කරන බව පෙන්වීමටයි.

රන්ජන් රාමනායක – අමීන් සංවාදය කොළඹ සිටින බටහිර තානාපති අංශවලට සහ සිවිල් සමාජ සංවිධාන විමසා බැලිය යුතුය. 2015 ජනපතිවරණයෙන් පසු තෝරාගත් මාධ්‍ය, ප‍්‍රබල මෙහෙවරක් එජාපය වෙනුවෙන් කළේය. ජනාධිපතිවරණයට පෙර ද එම මාධ්‍යම

ගෝඨාභය රාජපක්‍ෂ නැති කිරීමට බොහෝ උත්සාහ කළේය. ඇත්ත වශයෙන්ම ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිවරණයෙන් ඉවත් කිරීමට උත්සාහ කළේ අධිකරණ කි‍්‍රයාදාමයක් තුළින් බව ජනතාවට මතකය. සිංහල, ද්‍රවිඩ සහ ඉංගී‍්‍රසි මාධ්‍ය මෙම මෙහෙයුමට සම්බන්ධ විය. ආරක්‍ෂක හමුදාවට කොටි ත‍්‍රස්තවාදීන් කිසිදා පරාජය කළ නොහැකි බව කීවේද මෙම මාධ්‍යමය. ආරක්‍ෂක හමුදා යුද අපරාධ කළ බවට දිගින් දිගටම වාර්තා කළේ ද මෙම කණ්ඩායම බව පැහැදිලිය.

බි‍්‍රතාන්‍ය මාධ්‍ය ගැන අමුතුවෙන් කිව යුතු නැත. ද්‍රවිඩ ත‍්‍රස්තවාදීන් පෝෂණය කළ බි‍්‍රතාන්‍ය ශී‍්‍ර ලංකාව ජිනීවා මර උගුලේ හිර කිරීමට කළ කාර්යභාරය කවුරුත් දනී. නේස්බි සාමිවරයා 2017 ඔක්තෝබර් 12 දින බි‍්‍රතාන්‍ය බොරුව හෙළි කළේය. නමුත් රටට එරෙහි මාධ්‍ය නේස්බි සාමිවරයාගේ හෙළිදරව්ව සම්බන්ධයෙන් තවමත් නිහඬය.

රනිල් වික‍්‍රමසිංහ නායකත්වයෙන් ඉවත් කිරීම එජාපයේ පවතින ප‍්‍රශ්නයට පිළිතුරක් නොවේ. එම කණ්ඩායමේ ප‍්‍රබලයන් වූ පාඨලී චම්පික රණවක සහ වෛi රාජිත සේනාරත්න 2019 ජනපතිවරණයෙන් පසුව මුහුණ දෙන බරපතළ දේශපාලන අභියෝගය එජාප ප‍්‍රමුඛ බලවේගවලට ප‍්‍රශ්නයකි. පාඨලී චම්පික රණවක 2016 මුල සිදුවූ අනතුරක් සම්බන්ධයෙන් පොලිසිය සහ අධිකරණය නොමඟ යැවූ චෝදනාවට ලක්වී ඇත. වෛi සේනාරත්නට චෝදනාව පාඨලී චම්පික රණවකට සාපේක්‍ෂව වඩා බරපතළය. පොහොට්ටු ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මිනීමරුවෙක් සහ ද්‍රවිඩ ජනතාවගේ රත්තරන් සොරකම් කළ පුද්ගලයකු ලෙස හංවඩු ගැසීම ජිනීවා මානව හිමිකම් කොමිසම සහ ද්‍රවිඩ ඡුන්ද ඉලක්ක කරගෙන කළ චෝදනාවකි.

පාඨලී චම්පික, වෛi රාජිත සේනාරත්න, එජාප නායකත්ව ගැටුම රන්ජන්ගේ භූමිකාව සහ රන්ජන් රාමනායක සහ යම් මාධ්‍ය අතර ඇති සම්බන්ධතාව එජාපය තව දුරටත් පෙළමින් සිටී. එජාප නායකත්ව සටනේදී ද්‍රවිඩ ජාතික සන්ධානය රනිල් වික‍්‍රමසිංහ සමග සිට ගනීද? එසේත් නැතහොත් සජිත් පේ‍්‍රමදාස සමග සන්ධානගත වේද?

තව සති 15 ක් ඇතුළත පැවැත්වෙන මහා මැතිවරණයේදී ද්‍රවිඩ ජාතික සංධානය අර්බුධකාරී තත්ත්වයකට මුහුණ දෙන බව පැහැදිලිය. එජාපය දෙකඩ වී ඇත. නාම යෝජනාවලට ප‍්‍රථමයෙන් එජාපය නායකත්ව ගැටලූව විසඳීමට අපොහොසත් වුවොත් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂට එරෙහි බලවේග සීසීකඩ වන බව පැහැදිලිය. ද්‍රවිඩ ජාතික සන්ධානය එකතු වන්නේ කුමන පාර්ශ්වය සමගද? මුස්ලිම් කොංග‍්‍රසය, ජාතික හෙළ උරුමය සහ රිෂාඞ් බදියුදීන්ගේ මක්කල් කොංග‍්‍රස් පක්‍ෂය සජිත් ප‍්‍රමුඛ බලවේගයට එකතුවීමට ඇති ඉඩකඩ වැඩිය. 2015 අගෝස්තු මහ මැතිවරණයේදී ජාතික ලැයිස්තු මන්තී‍්‍ර ධුර දෙකක් සමග ආසන 6 ලබාගත් ජවිපෙ 2020 තව දුරටත් පසුබෑමකට ලක්වෙනු ඇත. ජවිපෙ ජාතික ලැයිස්තු මන්තී‍්‍ර ධුර දෙකම ජනතාව ප‍්‍රතික්‍ෂේප කළ අපේක්‍ෂකයන්ට දුන් බව නොකියා බැරිය. නමුත් ජවිපෙ ජාතික ලැයිස්තු මන්තී‍්‍රන් වන සුනිල් හඳුන්නෙත්ති සහ බිමල් රත්නායක ජනතා ඡුන්දයෙන් පත්වූ බොහෝ මහජන නියෝජිතයන්ට වඩා ඉදිරියෙන් සිටින බව කිව යුතුමය.

එවකට ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන 2018 දී රනිල් වික‍්‍රමසිංහ එජාප නායකත්වයෙන් සහ අගමැති ධුරයෙන් ඉවත් කිරීමට අවස්ථාවක් ලබා දුන්නේය. සජිත් පේ‍්‍රමදාස, කරු ජයසූරිය සමග පමණක් නොව රංජිත් මද්දුම බණ්ඩාර සමගම ජනාධිපති සිරිසේන රනිල් වික‍්‍රමසිංහ ඉවත් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡුා කළේය. 2018 පළාත් පාලන ආයතන ඡුන්දයේදී බින්දුවටම බැස්ස එජාපය එම අවස්ථාවට පයින් ගැසීය. ලියුම්කරු කිසිදු ආකාරයක දේශපාලන කුමන්ත‍්‍රණ අනුමත කරන්නේ නැත. ජනාධිපති සිරිසේනගේ වෑයම සාර්ථක වූවානම් 2018 ඔක්තෝබර් ව්‍යවස්ථා කුමන්ත‍්‍රණය සිදුවන්නේ නැත. ස්ථාවර රජයක් තිබුණා නම් තව්හිද් ජමාත් එල්ල කළ 2019 පාස්කු ප‍්‍රහාරය ව්‍යර්ථ කිරීමට ද අවස්ථාවක් තිබිණි.

එජාපය ජනාධිපති මෛති‍්‍රපාලගේ බලය රැක ගැනීමේ මෙහෙයුමට එකතු වූවානම් 2019 ජනාධිපතිවරණයට එජාපය සහ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ ඉදිරිපත් වන්නේ වෙනයම් ම තත්ත්වයන් යටතේය. ගෝඨාභය රාජපක්‍ෂ පොහොට්ටු අපේක්‍ෂකයා වුවත් ජයග‍්‍රහණය පහසු නොවනු ඇත. පරාජය වීමටද ඉඩ තිබිණි. එසේ වූවානම් රන්ජන් රාමනායකගේ දුරකථන සංවාද පටිගත කිරීම අදටත් කි‍්‍රයාත්මකය. අවසාන වශයෙන් එජාපය මතක තබාගත යුත්තේ මහ බැංකු මගඩිය, ජිනීවා පාවාදීම, මුදල් පනත වෙනස් කිරීම, පාස්කු ප‍්‍රහාරය, පාඨලී චම්පික සිද්ධිය, වෛi රාජිත සේනාරත්නගේ වැරදුන මෙහෙයුම සහ රන්ජන් රාමනායක හෙළිකළ අසික්කිත දේශපාලනය තව දුරටත් එම පක්‍ෂට වින කරන බවයි. නායකත්වය වෙනස් කිරීමෙන් පක්‍ෂයට නැවත ජයග‍්‍රාහී මාවතකට ඒමට බැරිය. ජනාධිපති සිරිසේන සමග තමන් එකතු වූයේ නැත්තේ ඇයි දැයි කනගාටු වන පිරිසක් අද එජාපයේ සිටින බව සැකයක් නැත.

ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩු



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More