චීනයේ දැනට පැතිර යන කොරෝනා වෛරස රෝගී තත්ත්වය යටතේ එරට ඉගෙනුම ලබන ශ්‍රී ලාංකික සිසුන්ට කඩිනමින් මෙරටට ගෙන්වා ගැනීම සඳහා ශ්‍රී ලන්කන් ගුවන් සේවය විශේෂ වැඩසටහනක් සකස් කර තිබෙන ශ්‍රී ලංකා රජය විසින් ගෙන ඇති කඩිනම් ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ජාත්‍යන්තර මාධ්‍ය ප්‍රසාදය පළකරයි.
චීනයේ වූහන් පලාතේ සිටින ශ‍්‍රී ලාංකික සිසුන් 30ක පමණ පිරිස ගෙන්වා ගැනීමට ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත දැනටමත් සඳහා විශේෂ ගුවන් යානයක් සූදානම් කර ඇත. ඒ සඳහා සම්පූර්ණ වියදම රජය විසින් දරනු ලැබේ.
මේ වන විටත් චීන බලධාරීන් සමඟ ශ්‍රී ලංකා රජයේ බලධාරීන් සාකච්ඡා කරමින් සිටින්නේ ඇතුළුවීමට අත්හිටුවා ඇති ප්‍රාන්තයේ සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනීම සඳහායි.
ජනාධිපති කාර්යාලය නිවේදනය කරන්නේ ඉදිරි පැය 48ක කාලය තුල ශ්‍රී ලංකිකයන් පිරිස මෙරටට ගෙන ඒමට බලාපොරොත්තු වන බවයි.
මේ වන විට බොහෝ රටවල් තමන් රටවැසියන් චීනයෙන් ආපසු ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් මතභේදාත්මක තත්ත්වයකට මුහුණ දෙමින් සිටියදී ශ්‍රී ලංකා විසින් ගන්නා ලද මෙම ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් නොමද ප්‍රසාදය ජාත්‍යන්තර මාධ්‍ය විසින් පල කර ඇත.
මෙතෙක් මේ ආකාරයේ ක්‍රියාමාර්ගයක් ගෙන ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු එවන් රටවල් කිහිපයක් පමණි.
මේ අතර බෙයිජිං සහ කැන්ටන් යන ගුවන් තොටුපළ වලින් ශ්‍රී ලන්කන් ගුවන් යානා ශ්‍රී ලංකාව බලා පියාසර කිරීමට නියමිත අතර එහිදී චීනයේ ඉගෙනුම ලබන ශ්‍රී ලාංකික සිසුන්ට සිය ගුවන් යානා ප්‍රවේශ පත්‍ර ගාස්තුවෙන් සියයට 50 ක මිල අඩු කිරීමක් යටතේ මෙම සිසුන්ට මෙරටට පැමිණීමේ අවස්ථාව උදා කර දී තිබේ.
මෙම රෝගී තත්ත්වය වාර්තා වන ප්‍රදේශ වල සිටින සිසුන් ද ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා සිවිල් ගුවන් සේවා අධිකාරීය, සෞඛ්‍ය අමාත්‍යාංශය සහ විදේශ කටයුතු අමාත්‍යාංශය චීන බලධාරීන් සමඟ සාකච්ඡා කරමින් සිටින අතර එම අවසරය ලද වහාම චීනය බලා පිටත්ව යෑමට ශ්‍රී ලන්කන් ගුවන් යානා සූදානම් කර ඇති බවත් මාධ්‍ය කළමනාකරු දීපාල් පෙරේරා මහතා කියා සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...