මිනිත්තුවකට ප්ලාස්ටික් බෝතල් 200 000ක් නිපද වන Coca-Cola සමාගම ලොව දැවැන්තම පරිසර දූෂක සන්නාමය ලෙස ප්ලාස්ටික් අපද්‍රව්‍ය පිළිබඳ ගෝලීය විගණනයකදී බ්‍රේක් ෆ්‍රී ප්ලාස්ටික් සංවිධානය විසින් නම් කරන ලදී,
එහෙත් පසුගියදා ඩාවෝස්හීදී පැවති ලෝක ආර්ථික සමුළුව – ඩාවෝස් 2020 අමතමින් Coca-Cola සමාගමේ තිරසාරත්වය පිළිබද ප්‍රධානී බී පෙරෙස් පැවසුවේ තම සමාගම කිසි සේත් ඉදිරියේදීත් ප්ලාස්ටික් බොතල් තම නිෂ්පාදන ඇසිරීමට භාවිතා කරන බවයි. කිසිසේත් එම තීරණය වෙනස් නොවන බව පැවසූ ඇගේ අදහස වූයේ තම පැණි බීම වර්ග සහ සෝඩා වර්ග අසුරණ ප්ලාස්ටික් බෝතල් වල සැහැල්ලු බව සහ ඒවායේ ඇති සමානත්වය හේතුවෙන් පාරිභෝගිකයන් තව දුරටත් ප්ලාස්ටික් බෝතල් ඇසුරුම් ලෙස ඉල්ලා සිටින බවයි.
ඒ අනුව නිෂ්පාදනය අත් නොහලද තම සමාගම නිපදවා භාවිතයෙන් පසු ඉවත ලන බෝතල් ප්‍රතිචක්‍රීයකරණය කිරීමේ වැඩපිළිවලකට සූදානමින් සිටින බව ඇය පැවසීය.
නමුත් පරිසරය සුරැකීමේ සංවිධාන රැසක් පවසා සිටින්නේ එවැනි වැඩ සටහනක සාර්ථකත්වය හෝ එවැන්නකින් පරිසරය රැකගනු හැකිවෙතැයි තමන්ට කිසිසේත් බලාපොරොත්තු විය නොහැකි බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...