අපි ආහාරයට ගන්නේ ජාන විකෘති කළ සහ විස සහිත ආහාර බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පැවසීය.
ඔහු මේ බව පැවසුවේ වස වීමෙන් තොර ආහාර රටාවක් ඇති කිරීම සඳහා ඇමැති චමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පසුගියදා (24 වැනිදා) පැවැති විශේෂ සාකච්ඡාවකදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සභාපතිවරයා මෙසේද පැවසීය.
‘‘ලංකාවේ සියයට හැත්තෑවක් ඉක්මවූ පිරිසක් මියයන්නේ බෝ නොවන රෝගවලින්. ඉස්සර වයස්ගත අයයි මැරුණේ. දැන් මැදි වයස පහුකරගෙන ඇවිත් මේ වනවිට ළමයින් මියයන තත්ත්වයක් උදාවෙලා තියෙනවා.
වසංගත රෝග හා සමානව මේ රෝග ව්‍යාප්ත වෙනවා. වෛද්‍යවරු හැටියට අපි තමයි ආහාර පිළිබඳ අධිකාරිත්වය දරන්නේ. 1965 වර්ෂයේ හරිත විප්ලවයත් සමග තිරසාර කෘෂිකර්මාන්තයෙන් ඈත්වෙලා වස විස සහිත ආහාර නිෂ්පාදනයට නැඹුරු වුණා. ඒත් එක්කම නිරෝගිකම අහෝසි වෙලා තියෙනවා. දියවැඩියාව, පිළිකාව වගේ කායික රෝග වගේම ඔටිසම් වගේ මානසික රෝග පවා වස විස සහිත ආහාර නිසා ඇතිවෙන්න පුළුවන්.
කෘෂිකර්ම ඇමැති චමල් රාජපක්ෂ වස විසෙන් තොර කෘෂිකර්මාන්තය සිදුකළ හැකි බව පිළිගන්නවා. ඒ අනුව පාරම්පරික සහ ආවේණික බෝග වගා කිරීම දැන් ආරම්භ වෙනවා. ඇමැතිවරයා රනිල බෝග වස විසෙන් තොරව වගා කරන්නට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන්න එකඟ වුණා.
සාම්ප්‍රදායික ක්‍රම නැවත අත්හදා බලමින් තිරසාර කර්මාන්තයක් ඇතිකරන්න කටයුතු කළ යුතුයි. ඒ වගේම මී කිතුල් වැනි ශාක නැවත සිටුවිය යුතුයි. ආහාර ආනයනය වෙනුවෙන් පිටරටට ඇදී යන මුදල් මෙරට තුළ ඉතිරි කර ගැනීමට ආහාර නිෂ්පාදනය දේශීයව සිදුකළ යුතුයි. ලංකාවේ විසිතුරු මල් වගා කිරීමෙන් විදේශවලට ඇදී යන මුදල් මෙරටදී ඉතිරි කළ හැකිය.
හෙළ බොජුන් සංකල්පය යටතේ වස විසෙන් තොර දේශීය ආහාර ලබාදීම ඉතා වැදගත්. නමුත් වාණිජ අරමුණු වෙනුවෙන් මෙම හෙළ බොජුන් නාමය භාවිත කිරීමට ඉඩ නොදිය යුතුයි. අපිට ආවේණික පාරම්පරික ආහාර රටාව ස්ථාපිත කරමින් ආගමික ස්ථාන, පාසල් සහ රාජ්‍ය ආයතන එම තැඹිලිහල් පිහිටුවීමට අපි අපේක්ෂා කරනවා. ඒ වගේම වස විස නැති බව තහවුරු කරන වැඩසටහන් කෘෂිකර්ම අමාත්‍යාංශය සහ සෞඛ්‍ය අමාත්‍යාංශ එකතුවෙලා කරන්න සැලසුම් කරනවා’’
අනුරාධපුර දිස්ත්‍රික්කයේ මෙම ව්‍යාපෘතිය ආරම්භ කරන බවත්, එහිදී ගොවියකුට යම්කිසි පාඩුවක් සිදුවන්නේ නම් ඒ සඳහා රජය මැදිහත් වී සහන ලබාදීමට මෙහිදී තීරණය විය.
රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...