දේශීය පුවත්

රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමටත් පෙර නව කොරෝනා වෛරසය පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට ආසාධනය විය හැකි බව චීනය මේ වනවිට පවසනවා. ඒ අනුව සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස හෝ උණ වැනි රෝග ලක්ෂණ මතුවී එම පුද්ගලයා ආරක්ෂිත ක්‍රම අනුගමනය කිරීමටත් පෙර තවත් පුද්ගලයෙකුට එම වෛරසය ආසාධනය විය හැකි බව චීන සෞඛ්‍ය අමාත්‍ය මා ෂියා ඕවේ උපුටා දක්වමින් CNN පුවත් සේවය අද (27) වාර්තා කරයි.

පවතින තත්ත්වය හමුවේ වෛරසය ආසාධනය වීම පාලනය කිරීම අසීරු තත්ත්වයකට පත්ව ඇති බව ද චීන බලධාරීන් සඳහන් කරයි.

මේ අතර චීනයේ බීජිං, ෂැංහයි හා ෂැන්ඩොන් නගරවල සිදුකරන දුර ගමන් සේවා බස්රථ ධාවනය අද සිට අත්හිටුවීමට බලධාරීන් තීරණය කර තිබෙනවා. පවතින තත්ත්වය හමුවේ පෙර පාසල් මෙන්ම පාසල් රැසක් ද වසා දමා ඇතැයි විදෙස් මාධ්‍යයන්හි සඳහන්.

මේ අතර නව කොරෝනා වෛසරය ආසාධනය වූ 05 වන අමෙරිකානු පුරවැසියා ඊයේ (26) හමුවී තිබුණා. ඔහු ඇරිසෝනා ප්‍රාන්ත වැසියෙක්. වෛසරය පැතිරීම පාලනය කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර ඇති බැවින් අනිසි බියක් ඇති කර නොගන්නා ලෙසත්, සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අනුගමනය කරන ලෙසත් අමෙරිකානු බලධාරීන් සිය වැසියන්ට උපදෙස් ලබාදී තිබේ.

මේ අතර නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමග චීනය තුළ වන සතුන් අලෙවිය සඳහා පැනවූ තහනම අද සිට ක්‍රියාත්මකයි. වූහාන් ප්‍රාන්තයේ පිහිටි වන සතුන් අලෙවි කළ වෙලඳසැලකින් මෙම මරාන්තික වෛරසයේ ව්‍යාප්තිය ආරම්භ වන්නට ඇති බවට මේ වනවිට අනුමාන කර ඇත.

ඒ අනුව අද සිට කිසියම් වෙළඳසැලක වන සතුන් හෝ ඔවුන්ගේ මස් අලෙවි කළහොත් හා ආපන ශාලාවක එම මස් අලෙවි කළහොත් අදාළ වෙලඳසැල් මෙන්ම ආපනශාලාවලට ද සීල් තබන බව බලධාරීන් පූර්ව අනතුරු ඇගවීම් නිකුත් කර තිබේ.

එවැනි වෙළඳසැල් හා ආපනශාලා පිළිබඳ සොයා බැලීම සඳහා විශේෂ කණ්ඩායමක් පත් කර ඇති බව ද සඳහන්. නව කොරෝනා වෛසරයේ ව්‍යාප්තියත් සමග රට තුළ ප්‍රකාශයට පත් කළ හදිසි සෞඛ්‍ය තත්ත්වය ඉවත් කරන තුරු වන සතුන් අලෙවිය සඳහා පැනවූ මෙම තහනම ක්‍රියාත්මක බව චීන බලධාරීන් පවසයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More