යහපාලන රජය සමයේ දූෂිත බැඳුම්කර ගනුදෙනු සිදුකළ සහ ඊට පසු එම ගනුදෙනු වසන් කිරීමට කටයුතු කළ පුද්ගලයන්ගෙන් සමන්විත මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ අධීක්ෂණය යටතේ සිදුකළ වෝහාරික විගණනය කිසිසේත්ම පිළිගත නොහැකි බව හිටපු මහබැංකු අධිපතිවරයෙකු වන අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.
ඔහු සිය නිල ෆේස්බුක් ගිණුම හරහා, වෝහාරික විගණන වාර්තා විවේනයට බඳුන් කරමින් මේ බව පවසා තිබේ.
ඔහු සඳහන් කරන්නේ වෝහාරික විගණනය, බැඳුම්කර මගඩිය වසන් කිරීමේ තවත් වැදගත් පියවරක් පමණක් බවය.
හොරාගේ අම්මාගෙන් පේන ඇසීම….
බැඳුම්කර මගඩිය “වසන් කිරීමේ” ප්රයත්නයේ තවත් වැදගත් අංශයක් වශයෙන් “වෝහාරික විගණනය” පෙන්වා දිය හැකිය.
• 2018 වසර තුලදී, “වෝහාරික විගණනයක්” පවත්වන්නේ යයි කියමින්, වසරක කාලයක් චූදිතයන් සහ හොරුන්ට නිදැල්ලේ සිටීමට අවකාශයක් ලැබුණා.
• බැඳුම්කර මගඩිය මුලින්ම ක්‍රියාත්මක කිරීමේ දී සේවය කල සහ ඉන්පසුව එම මගඩිය සෑම ආකාරයකින්ම වසන් කිරීමට සහය ලබා දුන් මුදල් මණ්ඩල සාමාජිකයින්ගෙන් බහුතරයකින් සමන්විත වූ මුදල් මණ්ඩලයේ “අධීක්ෂණය යටතේ” (under the authority of the Monetary Board) “2015 ට පෙර” කටයුතු පිළිබඳව “වෝහාරික විගණනයක්” යයි කියමින් තවත් ක්‍රියාවලියක් 2019 අප්‍රේල් මස ආරම්භ කළා.
• එසේ කරද්දී, ඊට පෙර, කරන ලද විගණකාධිපතිවරයාගේ විගණන, ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු යනාදිය ඕනෑකමින් සැලකිල්ලට නොගෙන ඇති බව පෙනේ.
“වෝහාරික විගණනය” සඳහා විවිධ පෞද්ගලික සමාගම් වලට දැවැන්ත ගෙවීම් කළා..
• “වෝහාරික විගණනය” සඳහා රුපියල් මිලියන 275 ක් ගෙව්වා යයි මහ බැංකුව ඉතා උජාරුවෙන් නිවේදනයක් නිකුත් කරා. එහෙත්, කිසිදාක මහ බැංකුවේ සිදු නොවූ ආකාරයට මුදල් මණ්ඩලයේ සභිකයින් දෙදෙනෙකුටත් (ක්‍රිෂාන්ත පෙරේරා සහ නිහාල් ෆොන්සේකා) 2019 වසරේදී රුපියල් ලක්ෂ 16 ක දැවැන්ත මුදලක් එම විගණන “සම්බන්ධීකරණය” පිණිස ගෙවා ඇති බව සදහන් කළේ නැහැ.
• මෙම විගණනය නිලධාරී මට්ටමින් “සම්බන්ධීකරණය” කිරීම සඳහා මුදල් මණ්ඩලය පත්කළේ රනිල් වික්‍රමසිංහ සහ එ.ජා.ප. යට ඉතා සමීප නිලධාරියෙකු වන නෙලුමනී දවුලුගල මහත්මියයි.
• ඉහත සදහන් අය සහ එජාපයට සම්බන්ධ නායකයින් සමඟ පවත්වා ගෙන යන සම්බන්ධතා ඔවුන්ගේ දුරකතන ඇමතුම් පරීක්ෂා කිරීමෙන්ද වෙනත් ක්‍රමවේදයන් හරහා ද පරීක්ෂා කල යුතුයි.
ශ්‍රී ලංකාව විදේශ විනිසුරුවරු ශ්‍රී ලංකාවේ කටයුතු වලට අතපෑම ගැන විරුද්ධත්වයක් පළ කරන අතරම, විගනකාධිපතිගේ සෙිවය නොසලකමින් විදේශ සමාගම්, විගණනය සම්බන්ධයෙන් යොදවා ගැනීම අතිහය සැකසහිතය.
“වෝහාරික විගණන” කණ්ඩායම් වලට දැවැන්ත ගෙවීම් වලට අමතරව, වෙනත් පහසුකම් ද මහ බැංකුවේ මුදලින් ලබා දුන්නා..
• “පරිවර්තකයින්” සදහා රු. 200,000 ක් ගෙව්වා.
• සාමාන්‍ය සහ Note book පරිගණක, බාහිර Hard Disk, Scanning යන්ත්‍ර, කාර්යාල උපකරණ, ඡායා පිටපත් යන්ත්‍ර, කෝපි සෑදීමේ යන්ත්‍ර, ලියකියවිලි විනාශ කිරීමේ යන්ත්‍ර (Shedders), ලිපි ද්‍රව්‍ය, මුද්‍රණ යන්ත්‍ර යනාදිය සඳහා රුපියලි මිලියන 10 ක් පමණ මුදලක් වැය කලා.
• කාර්යාල පහසුකම්, දුරකතන පහසුකම්, අඩු මිලට ආහාරපාන, නවාතැන් පහසුකම්, මහ බැංකු සහයකයින්, මහ බැංකුවෙන් සපයන ලද ප්‍රවාහන පහසුකම් ලබා දුන්නා.
මාස 7 ක පමණ කාලයක් තුලදී මෙම පහසුකම් ඉන්දියාවෙන් පැමිණි විදේශීය සේවකයින් 30 දෙනෙකුට පමණ ලබා දී ඇති බවට කරුණු හෙලිවී තියෙනවා.
“වෝහාරික විගණනය” සඳහා රුපියල් මිලියන 275 ක් සහ තවත් රුපියල් මිලියන 25 ක පමණ විශාල සම්පත් තොගයක් වැය කිරීමෙන් විදේශ සේවකයන් 30 දෙනෙකු පමණ මාස 7 ක් පමණ සේවයේ යොදවා ඇති බව මෙයින් පෙනේ.
මුලු රජයේම ආයතන, අමාත්‍යාංශ, සංස්ථා, මණ්ඩල, පළාත් සභා, ප්‍රාදේශීය සභා යනාදී සියල්ලන්ම විගණනය සඳහා සේවකයින් 1,713 දෙනෙක් යොදවා ඇති විගණකාධිපති දෙපාර්තමේන්තුව 2018 දී වැය කර ඇත්තේ රුපියල් මිලියන 1,464 ක් පමණි!
• ඉහත කී විගණන වලට අමතරව, එම මුදලින් 2018 වසරේදී විශේෂ විගණන 27 ක්ද සම්පූර්ණ කර ඇති අතර, ඒවායින් එකක් වී ඇත්තේ 2015 සහ 2016 වසරවලදී සේවක අර්ථසාධක අරමුදලේ ක්රියාකාරීභාවය පිළිබඳවය.
• මෙපමණ කටයුතු රාශියක් විගණකාධිපති දෙපාර්තමේන්තුව රුපියල් මිලියන 1,464 ක් වැය කරමින් කර ඇති අතර, 30 දෙනෙකුගේ මාස 7 ක් පමණ සේවය සදහා, රුපියල් මිලියන 300 ක පමණ මුදලක් මුදල් මණ්ඩලය වැය කිරීම ගැන ඇත්ත වශයෙන්ම තියුණු විග්‍රහයක් කල යුතුය!
මහ බැංකුවේ මුදල් මණ්ඩලය මෙම වෝහාරික විගණනය මුදල් මණ්ඩලයේ “අධීක්ෂණය යටතේ” (under the authority of the Monetary Board) ක්‍රියාත්මක කිරීම මහත් විහිළුවකි. පුදුම සහගතය. සියලුම ශිෂ්ට සම්පන්න සම්ප්‍රදායන්ට විරුද්ධය. කිසිසේත් පිළිගත නොහැක.
• “තමාගේම කාරණාවක යම් පුද්ගලයෙකු කිසිවිටෙක විනිශ්චයේ නොයෙදිය යුතුය” යන සිද්ධාන්තය උල්ලන්ඝනය කළා.
• “යුක්තිය ඉටු විය යුතු පමණක් නොව, ඉටු වනවා යයි පෙනිය යුතුය” යන සිද්ධාන්තය උල්ලන්ඝනය කළා.
• “වෝහාරික විගණනයන් සම්පූර්ණයෙන්ම ස්වාධීන ලෙස සිදුවිය යුතුය” යන සිද්ධාන්ත උල්ලන්ඝනය කළා.
• මෙයින් තහවුරු වන්නේ බැඳුම්කර වංචාවේ දූෂිතයන්ට සහ හොරුන්ට පැන යාමට තවත් මාර්ගයක් කපමින්, ඔවුන් කෙරෙහි ඇති අවධානය තවත් අතකට හරවමින්, විශාල මුදලක් ඒ සඳහා පෞද්ගලික ආයතනවලට ලබා දෙමින්, “වෝහාරික විගණනය” තම යටිකූට්ටු අරමුණු ඉෂ්ඨ කර ගැනීමට පසුගිය රජයේ දේශපාලඥයින් සහ බැඳුම්කර මගඩියට සම්බන්ධ නායකයින් යොදවා ඇති තවත් කූට ප්රයත්නයක් බවයි.
2019 වන විට මුදල් මණ්ඩලයේ සේවය කරන සියලුම සාමාජිකයින් බැඳුම්කර වංචාවට සෘජුවම හෝ වක්‍රාකාරව සම්බන්ධ හෝ එය වසන් කිරීමට උත්සාහ දරා ඇති පුද්ගලයන්ය.
ඒ නිසා, මෙම වෝහාරික විගණනය එවැනි අයගෙන් සමන්විත මුදල් මණ්ඩලයෙන් අධීක්ෂණය සහ මඟ පෙන්වීම ඔස්සේ ක්‍රියාත්මක කිරීමත සියලුම නීතිමය සහ යහපාලන සිද්ධාන්ත වලට පටහැනි බව පැහැදිලිය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...