M.C.C ගිවිසුම පිළිබඳව අධ්‍යනය කොට වාර්තා කිරිම සඳහා ජනාධිපතිතුමා විසින් පත් කරන ලද ආචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතාගේ නායකත්වයෙන් ක්‍රියාත්මක වන කමිටුව වෙත ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක සභාව විසින් පසුගියදා විවෘත ලිපියක් යොමු කර තිබුණි.
එම ලිපිය මගින් ඔවුන් අවධාරණය කර තිබුනේ M.C.C ගිවිසුම පිළිබඳව අධ්‍යනය කමිටුවට මහජන අදහස් ලබා ගැනීමේ යාන්ත්‍රණයක් සකසන ලෙසත් රටට අයහපත් කරුණු ලෙස ජනාධිපතිවරණ වේදිකාවල සහ රූපවාහිනී වාද විවාද වැඩසටහන් වල සාකච්ඡාවට සහ විවාදයට භාජනය වූ විශේෂ කරුණු පිළිබඳ අවධානය යොමු කරන ලෙසය.
ඒ අනුව ලබන මස 15 වැනිදාට පෙර ‘සභාපති, එම්.සී.සී ගිවිසුම අධ්‍යයනය සඳහා වූ කමිටුව, නෙළුම් පියස, අරලියගහ මන්දිරය, කොළඹ-03’ යන ලිපිනයට තැපැල් මාර්ගයෙන් හෝ mccreview@pmoffice.gov.lk යන විද්‍යුත් ලිපිනයට අදහස් හා යෝජනා ඉදිරිපත් කරන ලෙසට එම කමිටුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
එම අදහස් හා යෝජනා සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු විමසිය යුතු යැයි තීරණය කළහොත් කමිටුව ඉදිරියේ වැඩිදුරටත් අදහස් දැක්වීමේ අවස්ථාව ලබාදීමට ද තීරණය කර ඇත.
එබැවින් අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීමේදී සම්බන්ධ කරගත හැකි දුරකථන අංක, විද්‍යුත් ලිපිනයන් ද සඳහන් කරන ලෙස විද්වත් කමිටුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
පෙර සබැඳි පුවත්
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
We need well established Land Data base. In Sri Lanka no Proper Land Administration System.
We have no record State Land & Private Land Details in Digitally.
All the Land Should Survey & Prepare well organized Data base