දේශීය පුවත්

දඹාන ගුරුකුඹුර ආදිවාසී ගම්මානයේ විහාරස්ථානයක චෛත්‍යක් ඉදිකිරීම සඳහා මංගල ශිලා ප්‍රතිස්ඨාපනය කිරීම පසුගියදා සිදුවුණි.

එහිදී සතුටු කඳුලු හෙලමින් ඌරුවරිගේ වන්නිලඇත්තන් ප්‍රකාශ කර තිබුණේ එය තමන්ගෙ ජීවිතයේ සිදුකළ වටිනාම පිංකම බවයි.

මේ අතර ඌරුවරිගේ වන්නිලඇත්තන් ප්‍රමුඛ එම ගම්මානයේ ආදිවාසීන් ‍බෞද්ධ ආගමට දක්වන ගරුත්වය පිළිබඳව පසුගිය ඉරිදා මෙත් නෙත් පාමුල වැඩසටහනේදී සාකච්ඡාවට බඳුන් වී තිබුණි.

එහිදී වන්නිල ඇත්තන් නිර්මාංශ බවත්, ඊරියක් ඝාතනය කළ අවස්ථාවේදී එම ඊරියගේ බඩේ පැටව් සිටින ආකාරයව දැක සංවේදී වී යළි කිසිඳු දිනක කිසිම සත්ව මාංශයක් අනුභව නොකරන බව වන්නිල ඇත්තන් ප්‍රකාශ කළ බවත් ධර්ම සාකච්ඡාවේදී පූජ්‍ය කැටවල හේමාලෝක හිමියන් සඳහන් කළේය.

එසේම ඉංග්‍රීසි භාෂාව පිළිබඳ හසළ දැනුමක් ඇති වන්නිල ඇත්තන් තමන්ගේ මවු භාෂාව අගය කරමින් එම භාෂාව කතාකිරීමද කැටවල හේමාලෝක හිමියන්ගේ ඇගයීමට ලක්ව තිබුණි.

එම අවස්ථාවේ වීඩියෝව පහතින් නරඹන්න.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More