දේශීය පුවත්

ශ්‍රී ලංකාවට කොරෝනා වෛරසය ඇතුළු වුවහොත් රෝගී සත්කාර සේවාවන් සඳහා රෝහල් දොළහක් සූදානම් කර තැබීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත.

සෞඛ්‍ය හා දේශීය ​වෛද්‍ය සේවා ඇමැති පවිත්‍රා වන්නිආරච්චිගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේදී ඊයේ (27 වැනිදා) පස්වරුවේ පැවැති සාකචඡාවකදී මෙම තීරණය ගෙන ඇත. ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පත් කළ ජාතික ක්‍රියාකාරී කමිටුවේ ප්‍රථම රැස්වීම මෙහිදී පැවැත්විණි.අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයට අතරව මීගමුව, ගම්පහ, මහනුවර, කළුබෝවිල, කරාපිටිය, අනුරාධපුරය, යාපනය, කුරුණෑගල, රත්නපුර, බදුල්ල සහ මඩකලපුව මහ රෝහල් සූදානම් කර තැබීමට මෙහිදී තීරණය කරන ලදී. කිසියම් රෝගියකු හමු වුවහොත් මෙම රෝහල්වලට ඇතුළත් කර ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය පරිසරය කඩිනමින් සකස් කරන ලෙස සෞඛ්‍ය ඇමැතිවරිය රෝහල් අධ්‍යක්ෂවරුන්ට උපදෙස් දුන්නාය.

රෝගීන් පරීක්ෂා කිරීමට, හඳුනාගැනීමට, අවශ්‍ය උපකරණ ලබාදීමට පියවර ගන්නා බවද සෞඛ්‍ය ඇමැතිවරයා මෙහිදී පැවසුවාය. රෝගීන් පරීක්ෂාවට ලක් කරන සෞඛ්‍ය වෘත්තිකයන්ගේ ආරක්ෂාව සඳහා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමටද තීරණය වී ඇත.

ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය ඖෂධ ද අවශ්‍ය පරිදි ලබා දීමටද චීනයේ සිට දිවයිනට පැමිණෙන සිසුන් වෙනම පරීක්ෂා කිරීමටද තීන්දු කර තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More