තමන්ට පක්ෂ නායකත්වයේ තවත් කොටි කාලයක් පමණක් රැදී සිටීමට ඉඩ ලබා දෙන ලෙසත්, ඉදිරි මහමැතිවරණයේදී ජාතික ලයිස්තුවෙන් තමන්ට මන්ත්‍රී දූර දෙකක් ලබා දීමට කටයුතු කරන ලෙසත් රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලීමක් කර තිබේ.
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (27) සවස පක්ෂ සභාපති කබීර් හෂීම් මහතා හමුවී මෙම පණිවිඩ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත යවා ඇති බව වාර්තාවේ.
එහිදී වික්‍රමසිංහ මහතා හෂීම් මහතාට සදහන් කොට ඇත්තේ අලුතින් බිහි කිරීමට නියමිත නව සන්ධානයේ නායකත්වය සජිත් ප්‍රේමදාස මහතාට ලබා දීමට හැකි බවත්, නව සන්ධානයේ ලේකම් ධූරය පවා ප්‍රේමදාස මහතාගේ පාර්ශ්වය වෙත ලබා දිය හැකි බවත්ය.
එමෙන්ම එළඹෙන මහමැතිවරණයේ නාමයෝජනා කටයුතු පවා ප්‍රේමදාස මහතාට අවශ්‍ය පරිදි සිදු කිරීමට අවස්ථාව ලබා දිය හැකි බවද වික්‍රමසිංහ මහතා හෂීම් මහතා වෙත දැනුම් දී තිබේ.
මෙම සාකච්ජාවෙන් පසු හෂීම් මහතා ප්‍රේමදාස මහතා මුණගැසීමට ගොස් ඇති අතර ඉන් පසු වික්‍රමසිංහ මහතාද කතානායක කරු ජයසූරිය මහතා මුණ ගැසීමට ගොස් ඇති බව අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...