දේශීය පුවත්

දෙස් විදෙස් කිරිපිටි පරිභෝජනයට සුදුසු ද නුසුදුසුද යන්න සොයා බලා වහාම වාර්තාවක් ලබාදෙන ලෙස පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය රජයෙන් ඉල්ලීමක් කරයි.

ආනයනික කිරිපිටි භාවිතය නිසා ලෙඩ රෝග 21 ක් වැළඳෙන බවට ප‍්‍රකාශ කරන බවත්, එය සත්‍ය ද අසත්‍ය ද යන්න සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයා රටට ප‍්‍රකාශයක් නිකුත් කළ යුතු බවත් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා ඊයේ (27 වැනිදා) බොරැල්ල එන්. එම්. පෙරේරා මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී කීවේය.

එසේම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් පත් කළ කමිටුව මගින් නිකුත් කළ ශ‍්‍රී ලංකාවට ආනයනය කරන කිරිපිටිවල ප‍්‍රමිතිය සම්බන්ධයෙන් පැන නැඟී ඇති ගැටලූ පිළිබඳ අතුරු වාර්තාවට අනුව එම කිරිපිටි භාවිතට සුදුසු බව නිර්දේශ කර තිබෙන බවත් හෙතෙම පැවසීය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ අදාළ අතුරු වාර්තාව ආනයනික කිරිපිටි සම්බන්ධයෙන් මත දෙකක් දරන බවත්, එම නිසා ආනයනික කිරිපිටි මෙන්ම දේශීය කිරිපිටි සම්බන්ධයෙන් ද විධිමත් ලෙස ලෙස සායා බලා වහාම වාර්තාවක් රටට ලබාදෙන ලෙසට රජයෙන් ඉල්ලා සිටින බවත් රංජිත් විතානගේ මහතා සඳහන් කළේය.

මේ වන විට ශ‍්‍රී ලංකාවට ආනයනය කරන කිරිපිටිවල ප‍්‍රමිතිය සම්බන්ධයෙන් පැන නැඟී ඇති ගැටලූ පිළිබඳ අතුරු වාර්තාව පාර්ලිමේන්තුවේ තිබෙන බවත්, එම වාර්තාව තවදුරටත් පාර්ලිමේන්තුවේ සඟවා තබන්නේ නැතිව විවාදයට ගන්නා ලෙසත් මැති ඇමැතිවරුන්ගෙන් ඉල්ලා සිටින බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

කිරිපිටි භාවිතයට නුසුදුසු නම් ඒ සඳහා විකල්පයෙන් රජයෙන් බලාපොරොත්තු වන බවත්, දැන දැනම විස සහිත කිරිපිටි භාවිතයට ඉඩදීම බරපතල දඬුවම් ලැබිය හැකි වරදක් බවත් රංජිත් විතානගේ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More