මුහුණු පොතෙන්

 

මේ මොහොත වනවිට කොරෝනා නම් අතිශය භයංකර වෛරසයක් මාව සංහතියට එරෙහිව නැගි එමින් සිටී. මේ වෛරසය මෙවර මතුවූයේ චීනයෙන් වන නිසාම නයෙකුගේ මස් කෑම නිසාම මෙය හටගත් බවට මතුවන කතාවට එපිටින් විමසා බැලිය යුතුය. චීනය යනු ඇමරිකාව ප්‍රමුඛ බටහිර බලයට අවියෙන් හෝ මුදලේ බලයෙන් යට කල නොහැකි ලොවේ අංක එකේ බලවතාය. එනයින් චීනය හෙට්ටු කල හැකි සෑම උපායක්ම ඇමරිකාව විසින් ගැනීමට දෙවරක් නොසිතන බවද සැක හැර දන්නා කරුණකි. ලොව නැගී එන බලගතුම ආර්ථිකය සතු චීනයට එල්ල කල හැකි මාරාන්තික ප්‍රහාරය එල්ල කල හැක්කේ න්‍යෂ්ඨික අවියකට වඩා ඉතිහාසය පුරාම තම පරසතුරු රටවලට එල්ල කල වසංගත ප්‍රහාරය හරහා බව ඇමරිකානුවන් දනී. නිෂ්චිත මොහොත උදාවන තෙක් කල් මරා අද අප ඉදිරියේ දිස්වෙන කොරෝනා වෛරසය චීනයට මුදා හල බව ප්‍රතික්ෂේප කල හැක්කේ කාටද..අන්න ඒ සැකය මතුවන්නේ ඇමරිකානුවන්ගේ කුප්‍රකට වසංගත නිර්මාණයන් හරහාය. චින ආර්ථිකයට මෙම වෛරසය හරහා බිලියන දහස් ගනනක පාඩුවක් සිදුවනු ඇත. චීන අපනයනය ඇන හිටුනු ඇත. කොටින්ම දැනටමත් චීනය ලොක්වූ රටකි. මෙම වෛරසය පැතිර යාමේ වේගය මත චීනයේ ඉරණම රැඳෙනු ඇත.

ඉබෝලා රෝගය පිළිබඳව මේ දිනවල අඩුවෙන් කතා කලද එය සුපුරුදු ලෙස වසංගත රෝගී මට්ටමක ක්‍රියාත්මක වේ. ඉබෝලා වෛරසය ලෝකයට දැනගැනීමට ලැබෙන්නේ 1970 තරම් දිගු කාලයකදීය. අප්‍රිකාව පුරා පැතිරී ගිය ඉබෝලා වෛරසයට එන්නතක් සොයා ගැනීම සිදු වුයේ 2014 වසරේ ඇමෙරිකානු වෛද්‍ය පිරිසක් විසිනි. . එම සොයාගැනීමත් සමගම බොහෝ අය සැක පහල කිරීමටද පටන් ගත්තේය. එම එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනුමැතියද ලැබී නැත. එය හුදෙක් ඉබෝලා වැළඳුනු අමෙරිකානුවෙකුට ප්‍රති එන්නතක් ලෙස උපයෝගී කරගත් පරීක්ෂණාගාර තත්වයේ පවතින්නකි.විවිධ මාදිලියේ වෛරස් ලෝකයට මුදා හරිමින් අප්‍රිකානු ජනතාව පරීක්ෂණාගාර මීයන් බවට ඇමෙරිකානු පාලනය විසින් පත් කර ඇති බවක් පෙනේ. එම සැකය අපට පහසුවෙන් බැහැර කල නොහැකි වන්නේ ඔවුන්ගේ අතීත ක්‍රියාදාමයන් පරිශීලනය කිරීමේදීය.

මෙම ඉබෝලා එන්නත නිපදවීම සිදු කරන ලද්දේ Mapp Biopharmaceutical සමාගම විසිනි. ඇමෙරිකාවේ ඉතා රහසිගතව නිෂ්පාධනය කරන රසායනික අවි හා ජීව විද්‍යාත්මක අවි පිළිබඳව පරීක්ෂණ සිදු කරන හෙරිලන්ඩ් වල පිහිටි ඩෙට්ට්‍රික්ස් හමුදා කදවුර සමග ඉහතකී සමාගම ඍජු සම්බන්දකම් පවත්වනු ලබයි. මෙම කඳවුර දෙවන ලෝක යුද්ධ සමයේ සිට ජීව හා රසායන අවි නිපධවීම පිළිබඳව ප්‍රසිද්ධියක් උසුලයි. එහි උපදේශකත්වය පිරිනැමී ඇත්තේ හිට්ලර් ගේ ඉතා කිට්ටුවන්ත ජර්මානුවෙකු වූ දැනට ඇමෙරිකාවේ විශාලතම ඖෂධ නිෂ්පාධකයා වන ජෝර්ජ් මරත් ටය. 1949 දී එවකට ඇමෙරිකානු ජනපති හැරී ට්රුමන් විසින් ඇමෙරිකාවට ඉතා වටිනා මිනිසෙකු සොයා ගත්තේය. හිට්ලර්ගේ පරාජයත් සමගම හිට්ලර්ගේ ජීව විද්‍යාත්මක අවි නිපදවීමේ ප්‍රධානියා වූ ට්‍රොබ් එරික් යටත් වීමෙන් පසුව ඔහුගේ සහායක කණ්ඩායමද සමග ඇමෙරිකානු හමුදා භාරයට ගත්තේය. ඔහු වෛරස් රෝග පිළිබඳව මෙන්ම වෛරස් නිෂ්පාධනය පිළිබඳවද විශේෂඥවරයෙකුද විය. සි. අයි. ඒ සංවිධානය හා ඩෙට්‍රික්ස් හමුදා කඳවුර හා එක්ව සිදු කරන පරීක්ෂණ කටයුතු වලට ට්‍රොබ් එරික් සම්බන්ද කරගත්තේය. HIV වෛරසය, ඉබෝලා වෛරසය, බටහිර නයිල් වෛරසය, මහාමාරිය වෛරසය , ආදී බොහෝ වෛරස් ගණනක උපත සිදු වුයේ මෙම හමුදා කඳවුරේ යයි විශ්වාශ කෙරේ.

1970 දශකයේදී මෙම හමුදා කඳවුර තුල සිදු වූ බොහෝ පරීක්ෂණ ලෝකයට අනාවරණය වීමත් සමගම එහි කීර්ති නාමයට පලුද්දක් ඇති විය. ලොව පුරා ප්‍රගතිශීලී ව්‍යාපාර වල නිර්ධය විවේචනයට ද ලක් විය.(විශේෂයෙන්ම කියුබානු නායක පිදෙල් කස්ත්‍රෝ ගේ නිරන්තර විවේචනයට ලක් වූ ස්ථානයකි. ) ඉන් පසුව ෆෙඩ්රික් ” පිළිකා” රෝග පරීක්ෂණ ආයතනය ලෙස නම වෙනස් කරමින් සී. අයි . ඒ. හා ඇමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුවේ රහසිගත පරිපාලන එකකකයක් ලෙස ක්‍රියාත්මක විය. එම රහසිගත පරික්ෂනාගාරය තුලින් ලෝකයට මුදා හැරියේ මානව වර්ගයාට අතිශය හානිකර වෛරස් හා රෝගකාරකයන්ය. එහි විශේෂත්වය වන්නේ ඇමෙරිකානුවන්ට හිස නොනමන රටවලට එල්ලකළ දරුණු ගනයේ වසංගත රෝග කාරකයන් මුදාහැරීමය. ඒවා කෙටියෙන් මෙසේ විස්තර කල හැක

* ගුවාතමාලාව තුල සමාජ රෝග පතුරුවා හැරීම
*උතුරු කොරියාව තුල අන්ත්‍රක්ස් රෝගය පතුරුවා හැරීම හා කහ උණ වසංගතය බෝකිරීම
* 1970 දී ඩෙට්ට්‍රික්ස් හමුදා කදවුර තුල HIV වෛරසය නිපදවීම
*1981 දී කියුබාවට ඩෙංගු වෛරසය මුදා හැරීම
* දකුණු ඇමෙරිකානු කලාපයේ ප්‍රගතිශීලී නායකයන්ට පිළිකා වෛරස එන්නත් කිරීමද ඔවුන් සාර්ථකව අත්හදා බලා ඇත. ලෝකයේ ශ්‍රේෂ්ඨ නායකයෙකු වූ වෙනිසියුලානු නායක හියුගෝ චාවේස් අපට අහිමි වන්නේද එහි ප්‍රතිපලයකිනි. හිටපු බ්‍රසීල නායක ලුලාද සිල්වා මෙන්ම ආජන්ටිනා ජනපතිනියද පිළිකා රෝගයෙන් පෙලේ.

මෙම වසංගත රෝග බෝකිරීම පිටුපස ඇමෙරිකානු බහුජාතික සමාගම්ද විශාල වැඩකොටසක් ඉටු කරන්නේ අතිවිශාල ආර්ථික ලාභ බලාපොරොත්තුවෙනි. එමෙන්ම බොහෝ දිළිඳු රටවලට ඇතුල්වීමේ දොරටු විවර වන්නේද ශාන්තුවරයන් ලෙස වෙස් මුහුණු පැළඳ ගැනීමෙන් පසුවය. ඉන් අනතුරුව එකී රටවල ස්වාභාවික සම්පත් ද දේශපාලන බලයද හිමි කරගන්නේ එකදු වෙඩිල්ලක් හෝ පත්තු නොකිරීමෙනි. ඒ මානුෂීය මෙහෙයුම සිදු කරන ඇමෙරිකානු බලාධිකාරිය විසිනි.

වෙනුසියුලාවේ චාවේස් යනු ඇමරිකාව එළිපත්තේ සිට ධවල මංධිරයට අභියෝග කල නිර්භය දේශපාලන පෞරුෂයකි. එහෙත් අකාලයේ චාවේස් පිළිකා මාරයාට ගොදුරු විය. ඔහුගේ මරණය පිළිබඳව වෙනිසියුලාවේ පාලනය ඇඟිල්ල දිගු කරන ලද්දේ සී.අයි.ඒ. සංවිධානයටය.එම චෝදනාව වූයේ හියුගෝ චාවේස්ට පිළිකාකාරක එන්නතක් රහසේම ජනයා සිප වැළඳ ගන්නා මොහොතක ඇතුල් කලබවය. . ලතින් ඇමරිකානු කලාපයේ චාවේස් වටා රොක්වූ වාමාංශික නැඹුරතාවයකින් යුත් රටවල් 5 ක නායකයින්ටද පිළිකාව වැළඳී තිබුණේ එකම කාලයකදීය. එයද කලාපය තුල සැකයට තුඩු දුනි.

උපුටා ගත්තකි



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More