කොළඹ නගරයේ වැඩබිම්වල සිටින චීන ජාතිකයන් වෛද්‍ය පරීක්ෂණයකට ලක් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමු කර තිබෙනවා.
ඒ අනුව එම චීන ජාතිකයන් රැඳී සිටින ස්ථානවලට වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩල ගොස් පරීක්ෂා කිරීමට නියමිතයි.
කොරෝනා වෛරසය සඳහා වූ සුවිශේෂී පරීක්ෂණ ක්‍රමය මෙරටදී සම්පූර්ණයෙන් සිදුකිරීමට හැකියාව ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
බොරැල්ල වෛද්‍ය පර්යේෂණායතනයේ පෙරේදා (26 වැනිදා) සිට මේ පර්යේෂණ සම්පූර්ණයෙන් සිදු කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළා. මේ ඔස්සේ කිසියම් පුද්ගලයකුට කොරෝනා වෛරසය අසාදනය වී ඇතැයි ද යන්න සාර්ථකව නිගමනය කිරීමට හැකියාව පවතින බව ඔහු කියා සිටියා.
එහෙත් කොරෝනා වෛරසය වැලඳුණු රෝගියකුට ඉදිරි පරීක්ෂණ සිදු කිරීම සඳහා විධිමත් රසායනාගාර පද්ධතියක් නොමැති බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් පර්ෂදය ඊයේ (27 වැනිදා) ප්‍රකාශ කළේය. එහි සභාපති රවි කුමුදේශ් පැවසුවේ කොරෝනා වෛරසය වැලඳුණු රෝගියකුගේ රසායනාගාර පරීක්ෂණ සඳහා බී.එච්.එල්. 04 වර්ගයේ රසායනාගාර අවශ්‍ය බව ලෝක සෞඛ්‍ය සංවිධානය දැනුම් දී ඇති බවයි. රසායනාගාරවල සේවය කරන වෘත්තිකයන්ගේ ආරක්ෂාව සහ රෝගීන්ට ප්‍රතිකාර කරන සෞඛ්‍ය සේවකයන්ගේ ආරක්ෂාව කෙරෙහිද අවධානය යොමු කළ යුතු බව ඔහු පෙන්වා දෙයි.
තවද කොරෝනා වෛරසය ශ්‍රී ලංකාවට ඇතුළු වීම පාලනය කිරීම සඳහා පත්කළ ජාතික කමිටුවට හෙද හෙදියන්, වෛද්‍ය රසායනාගාර ශිල්පීන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු නියෝජනය කරමින් නිලධාරීන් පත් කර නොමැති බවද රවි කුමුදේශ් ප්‍රකාශ කරයි.
රසායනාගාරවල පවතින ගැටලු පිළිබඳව සෞඛ්‍ය වෘත්තීය වේදීන්ගේ විද්වත් පර්ෂදය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඊයේ (27 වැනිදා) දැනුවත් කර ඇත. ඒ පිළිබඳව සොයා බලන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය හේමන්ත බෙනරගමට පවරා තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...