කොරෝනා වෛරසය පාලනය කරගත නොහැකි තත්ත්වයකට පත්වුවහොත් කතෝලික සභාව මගින් පාලනය වන සියලුම පාසල් වසා දමන බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පැවසූහ.
කොරෝනා වෛරසය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය සහ අධ්‍යාපන ක්ෂේත්රය භාර පුද්ගලයින් ගන්නා තීන්දු තීරණ වලට ද එකඟව කටයුතු කරන බවද කාදිනල් හිමියෝ පැවසුහ.
බොරැල්ල අගරදගුරු මැදුරේ අද (28) පැවති මාධ්‍ය හමුවකදී කාදිනල් හිමි මේ බව පැවසූහ.
මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන චීනයේ අධ්‍යාපනය ලබන ශ්‍රී ලාංකික සිසුන් කඩිනමින් මෙරටට ගෙන්වා ගැනීම වෙනුවෙන් රජයට ස්තූතිය පළ කරන බවද මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ වැඩිදුරටත් පැවසුහ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...