ව්‍යාපාරික පුවත්

චීනය ඇතුළු ලොව රටවල් 15කින් වාර්තා වන නව කොරෝනා වෛරසය සඳහා ප්‍රතිශක්තිකරන එන්නතක් සොයා ගැනීම සඳහා ලොව පුරා ඖෂධ සමාගම් මේ වන විට කටයුතු ආරම්භ කර තිබේ.

ලොව ප්‍රධාන පෙලේ ඖෂධ සමාගම් කිහිපයක්ම මේ වන විට කටයුතු ආරම්භ කර ඇති අතර ඔස්ට්‍රේලියාවේ කුවින්ස්ලන්ඩ් සරසවිය ද මේ වන විට සිය පරීක්ෂණ ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කෙසේ වුවත් සකස් කරනු ලබන මෙම ප්‍රතිශක්තිකරන එන්නත මිනිසුන් සඳහා පරික්ෂා කිරීමට අවම වශයෙන් තවත් මාස කිහිපයක් ගතවෙනු ඇති බව විද්‍යාඥයින් සඳහන් කරයි. මේ දක්වා කොරෝනා වෛරසය සඳහා ප්‍රතිශක්තිකරන එන්නතක් සකස් කර නොමැති බව වෛද්‍ය විශේෂඥයින් පවසයි.

කොරෝනා වයිරසයට එරෙහිව ප්‍රතිවෛරස ඉසිනයක් ෂැංහයි මහජන සෞඛ්‍ය සායනික මධ්‍යස්ථානය සොයාගෙන ඇති බව Peoples daily china පුවත්පත වාර්තා කළේය.

එම ඉසිනය උගුරට දමා භාවිතා කළ හැකි බවත් වෛද්‍ය කාර්ය මණ්ඩලය ආරක්ෂා කිරීමට මෙම ඉසින බෙහෙවින් ඉවහල් වන නමුත් මහජන භාවිතය සඳහා මහා පරිමාණ නිෂ්පාදනයක් දැනට නිෂ්පාදනය කර නොමැති බව වාර්තාවේ සඳහන්වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More