මාරාන්තික කොරෝනා වෛරස් රෝගයෙන් ආරක්ෂා වීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය උපදෙස් මාලාවක් නිකුත් කර ඇත.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වංසගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර පැවසුවේ නව කොරෝනා වෛරසය එක් පුද්ගලයකුගෙන් තවත් පුද්ගලයකුට පැතිරයාමේ හැකියාවක් ඇති බවයි. චීනයෙන් වෙනත් රටවලට පැතිරුණු ආකාරයට මෙම රෝගය ලංකාවටද පැතිරයාමේ අවදානමක් පවතින බැවින් මෙම උපදෙස් අනුගමනය කරන ලෙස වෛද්‍ය සුදත් සමරවීර ජනතාවගෙන් ඉල්ලා සිටියි.
මාරාන්තික නව කොරෝනා වෛරස් රෝග ලක්ෂණ ලෙස උණ, කැස්ස, සෙම්ප්‍රතිෂ්‍යාව, හුස්ම ගැනීමෙ අපහසුතාව, දියර ලෙස මළපහ පිටවීම, හිසරදය, උගුරේ වේදනාව සහ ඇඟපත වේදනාව වැනි රෝග ලක්ෂණ බව වෛද්‍යවරුන් පෙන්වා දී ඇත. එසේම නව කොරෝනා වෛරසය ආසාදනය වුවහොත් නිව්මෝනියාව, හුස්ම ගැනීමේ අපහසුව සහ වකුගඩු අක්‍රියවීම වැනි දරුණු තත්ත්වයක් වර්ධනය වී ආසාදිත පුද්ගලයන් ජීවිතක්ෂයට පත්විය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි. මේ නිසා විශේෂයෙන් ඉහත සඳහන් කර ඇති රෝගී තත්ත්වයක් මතු වුවහොත් වහාම වෛද්‍යවරයකු වෙත ගොස් පරීක්ෂා කර ගැනීමට ක්‍රියා කළ යුතුවේ.
නව කොරෝනා වෛරසය ආසාදනය වළක්වා ගැනීම සඳහා ආසාදිත පුද්ගලයන් ඇසුරු කිරීමෙන් අනතුරුව, ආහාර සැකසීමේදී වැසිකිළි යාමෙන් පසු, ආහාර ගැනීමට පෙර, සුරතල් සතුන් හෝ සත්ත්ව මළපහ ඇල්ලීමෙන් පසු හෝ දෑත් අපිරිසුදු යැයි ඔබට හැඟී යන සෑම අවස්ථාවකම සබන් හෝ විෂබීජ නාශක ද්‍රව්‍ය භාවිත කර අත් සේදීම, කැස්ස ඇති විට සහ කිවිසුම් යාමේදී ලේන්සුවක් හෝ ටිෂු භාවිත කිරීමටත් ලේන්සුවක් හෝ ටිෂු නොමැති නම් වැලමිට ඇතුළත පැත්ත භාවිත කිරීමට හෝ අතේ ඉහළ බාහු කොටස භාවිත කිරීමත් එමෙන්ම භාවිත කළ ටිෂු නිසි ලෙස කසළ බඳුන් වෙත බැහැර කිරීමටත් කටයුතු කළ යුතුය. ඔබට කැස්ස ඇතිවිට හෝ කිවිසුම් යාමේ දී එය වළක්වා ගැනීමට අත්ල භාවිත නොකිරීමට කටයුතු කළ යුතු බවත් වෛද්‍ය උපදෙස්වල සඳහන් වේ.
නව කොරෝනා වෛරස් අවදානමෙන් වැළකීම සඳහා උණ සහ සෙම්ප්‍රතිෂ්‍යාව වැලඳුණු පුද්ගලයන් සමග සමීපව ඇසුරු කිරීමෙන් වළකින ලෙසත් ඔවුන් ඇසුරු කිරීමට සිදු වන්නේ නම් ඇස්, නාසය, මුඛය ඇල්ලීමෙන් වැළකී සිටින ලෙසත් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිකුත් කර ඇති උපදෙස්වල සඳහන් වේ.
එමෙන්ම ආහාර සඳහා පිළියෙල කර ගන්නා මාංස සහ බිත්තර හොඳින් පිස ගැනීමෙන් පසු ආහාරයට ගැනීම, සත්ත්ව ගොවිපොළවල හෝ ඒ ආශ්‍රිත රැකියා කටයුතු සිදුකිරීමේ දී මුඛ ආවරණ පැලඳීම සහ අත්ආවරණ පැලඳීම වැනි ආරක්ෂිත ක්‍රියාමාර්ග අනුගමනය කරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් උපදෙස් ලබා දී ඇත. ඔබ සත්ත්ව ගොවිපොළක හෝ ඒ ආශ්‍රිත නිෂ්පාදන ක්‍රියාවලිය තුළ රැකියාවක නිරත වන්නේ නම් ඉහත ආරක්ෂණ ක්‍රියාමාර්ග පිළිපැදීමට ක්‍රියා කළ යුතු වේ. එසේම රාජකාරි කටයුතුවලින් අනතුරුව සෑම අවස්ථාවකදීම සබන් හෝ විෂබීජ නාශක ද්‍රව්‍ය භාවිත කර අත්සේදීම හෝ ශරීරය පිරිදුකර ගැනීම කටයුතු කිරීම කොරෝනා වෛරස් අවදානමෙන් වැළකීම සඳහා ඉතා වැදගත් වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...