චීනයේ පුහුණු පාඨමාලා සඳහා ගොස් සිටින ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් මෙරටට පැමිණෙද්දී විශේෂ පරීක්ෂාවකට ලක්කරන ලෙස වැඩ බලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා නියෝග කර ඇත.
ගුවන් හමුදා කොමදෝරුවරයෙක් ඇතුළු ත්‍රිවිධ හමුදාවේ නිලධාරීහු 162 ක් චීනයේ හමුදා පාඨමාලාවලට ගොස් සිටියහ. ඒ යුද හමුදාවේ 123 ක්, නාවික හමුදාවේ 25 ක් හා ගුවන් හමුදාවේ 14 ක් වශයෙනි.
ඉන් දැනට නිවාඩු සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙමින් සිටින පිරිසට අමතරව අසූ හතර දෙනකු චීනයේ පුහුණුවීම්වල නිරතව ඇත.
මෙම නිලධාරීන් සම්බන්ධව දිනපතා තොරතුරු නිරීක්ෂණය කරමින් සිටින බව ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...