දේශීය පුවත්

කොරෝනා වෛරසය මැඬපැවැත්වීමේ කටයුතුවලදී සෞඛ්‍ය අංශයේ වගකිවයුතු නිලධාරීන් හා සෞඛ්‍ය ඇමැතිනිය ඇතුළු පිරිස් රටට බොරු කියමින් සත්‍ය තත්ත්වය වසන් කරන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මහතා පවසයි.

එසේම කොරෝනා වෛරසය කඩිනමින් හඳුනා ගැනීම සඳහා ප්‍රමාණවත් පහසුකම් ශ්‍රී ලංකාවේ තවමත් නොමැති බවද මන්ත්‍රීවරයා සඳහන් කරයි.

හෙතෙම මේ බව පැවසුවේ ඊයේ (28) එජාප මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

‘‘මම දැක්කා සෞඛ්‍ය ඇමැතිනිය කියනවා කොළඹ එම්.ආර්.අයි. එකේ (වසංගත රෝග විද්‍යාතනයේ) කොරෝනා රෝගීන් බවට සැක කෙරෙන අයගේ ලේ පරීක්ෂා කරනවා කියලා. නමුත් ඒ ආයතනයේ රුධිර පරීක්ෂණ කිරීමක් සිදු කරන්නේ නැහැ. කෙළ හා සෙම සාම්පල පරීක්ෂා කරන පහසුකම් පමණයි එම්.ආර්.අයි. එකේ තියෙන්නේ. මෙතැන වෙලා තියෙන්නේ නිලධාරීන් වැරදි තොරතුරු ඇමැතිනියට ලබාදෙන එක. එවිට ඇමැතිවරියටත් බොරු කියන්න සිද්ධ වෙනවා.

එම්.ආර්.අයි. එක එක්දහස් නවසිය අනූ එකේ ලංකාවට ලැබුණේ ජපානයේ ජයිකා ආයතනයෙන්. ඒ කාලේ මේ වගේ වසංගත රෝග තිබුණෙ නැහැ. ඒ නිසා මෙවැනි තත්ත්වයකට මුහුණ දෙන්න අවශ්‍ය තාක්ෂණයක් ඒකෙ තිබුණෙ නැහැ. දෙදහස් එකේදි ඇන්ත්‍රැක්ස් වෛරසය ගැන මේකෙ පර් යේෂණ කළා. නමුත් මෑත යුගයේ එම්.ආර්.අයි. එකේ මෙවැනි සංකීර්ණ පර් යේෂණ කටයුතු සිදු කෙරුණේ නැහැ. ඒ නිසා ඒ ආයතනයේ වෛද්‍යවරුන්ට වගකීමක් තියෙනවා අඩුපාඩු තියෙනවා නම් වහාම බලධාරීන් දැනුවත් කරන්න. මොකද සෞඛ්‍ය අමාත්‍යාංශයට සල්ලි තියෙනවා. කොරෝනා හඳුනාගෙන තියෙන්නෙ හතරවැනි මට්ටමේ දැඩි අවදානම් වෛරසයක් විදිහට. ඒ කියන්නේ මේ වෛරසය රෝගියාගේ අවට සිටින සියලු දෙනාටම සහ බාහිර පරිසරයට පහසුවෙන් මුසුවෙනවා. ඒත් ලංකාවට එවැනි මට්ටමේ වෛරසයක් ක්ෂණිකව හඳුනා ගැනීමේ පහසුකම් නැහැ.‘‘



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More