දේශීය පුවත්

ශානිට මරණ තර්ජන

January 29, 2020 7:06 am | Lanka Lead News

තමාට කිසියම් පුද්ගලයකු දුරකතනයෙන් කතා කර මරණීය තර්ජන එල්ල කළ බව පවසමින් රහස් පොලිසියේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතා අපරාධයක් වින්දිතයන් ආරක්ෂා කිරීමේ කොට්ඨාසයට පැමිණ ඊයේ (28) පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

මරණීය තර්ජන එල්ල වී ඇති හෙයින් තමාට ආරක්ෂාවක් ලබාදෙන ලෙසට ශානි මහතා ඉල්ලීමක් කළ බව පොලිස් මුලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.

ශානි අබේසේකර මහතාට මරණීය තර්ජන එල්ල කළ බවට කළ පැමිණිල්ල සම්බන්ධයෙන් රහස් පොලිසියට හා පොලිස් බුද්ධි අංශ වලට ද දැනුම් දී ඇති අතර මේ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදුකරන්නැයි ඉල්ලීමක් කරන බවද එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා කීය.

ශානි අබේසේකර මහතා වින්දිතයින් ආරක්ෂා කිරීමේ කොට්ඨාසයට මෙම පැමිණිල්ල කිරීමට ප‍්‍රථම මේ ගැන වැඩබලන පොලිස්පතිවරයාට ද පැමිණිලි කර ඇති බවද පොලිස් මුලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි.

පාර්ලිමේන්තු මන්ති‍්‍ර රංජන් රාමනායක මහතා සමඟ අධිකරණයේ නඩු කටයුත්තක් සම්බන්ධයෙන් සංවාදයේ යෙදුණු බව කියන සිද්ධියක් මුල්කරගනිමින් ශානි අබේසේකර මහතා මීට සති කිහිපයට පෙර වැඩ තහනමට ලක් කෙරිණි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More