එම්.සී.සී. ගිවිසුම අධ්‍යයනය කරන බව කියමින් ආණ්ඩුව කල් ගන්නේ මහ මැතිවරණයෙන් පසු ඇමරිකාව සමග එය අත්සන් කිරීමට බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි.
ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය විසින් සංවිධානය කළ ‘මිනිස් නිදහසේ විද්‍යාව ලෙනින් කියවමු.’ යන මැයෙන් කොළඹදී පැවැති සම්මන්ත්‍රනයකදී ඔහු මේ බව කියා සිටියේය.
ජවිපෙ ප්‍රධාන ලේකම්වරයා එහිදී මෙසේද කීවේය.
‘‘තිරිංග නැති වාහනයක් වංගු සහිත පල්ලමක යනවා වගේ අපි ආර්ථික අර්බුදයක හිරවෙලා. නිෂ්පාදනය හැදීම ධනපති ක්‍රමයේ නෑ. එම්.සී.සී. ගිවිසුම යථාර්ථයක් වන්නේ මෙතැනදී. එම්.සී.සී. රටට හානිකරයි. ලංකාව ඇමෙරිකානු කොළනියක් වෙනවා. කොළඹ සිට ත්‍රිකුණාමලයට ආර්ථික කොරිඩෝවක් හැදෙනවා කියා ජනතාව බියට පත්කරලා බලය ගත්තා. දැන් කියන්න බෑ. මේ ගිවිසුම අහෝසි කරනවා කියා. දැන් කියනවා එම්.සී.සී. ගිවිසුම අධ්‍යයනය කළ යුතුයි කියා. කලින් කෑ ගැහුවේ අධ්‍යයනය නොකරද? මෙහි අධ්‍යයනය කළ යුත්තක් නෑ. මේක අත්සන් කළාට ඩොලර් මිලියන 480ක් ලැබෙනවා. හිඟමනට වැටී ඇති වෙලාවක මේක ගන්න ඕනෑවෙලා තියෙනවා. අනෙක් පැත්තෙන් එක්සත් ජනපදය බල කරනවා. දැන්කල් ගන්න හදනවා. එක්සත් ජනපදයත් ඒ සඳහා කාලය දුන්නා. ඡන්දෙන් පස්සේ මේ ගිවිසුම අත්සන් කරනවා. මේ ක්‍රමය යටතේ කවුරු ජනාධිපති, අගමැති වුණත් ඒ අයට ඇමෙරිකන් විරෝධී වෙන්න බෑ.
ඇමෙරිකානු මකරු එම්.සී.සී.සී. ගිවිසුම මගින් ලංකාව ගිල ගන්නා ආකාරය දැක්වෙන චිත්‍රයක් තාප්පයක ඇඳ තිබුණා. ඒ චිත්‍රය හදිසියේ මකා දැමුවා. ඉහළින් ආ බලපෑමකට එය මකා දැමූ බව ඒ දරුවා කියා තිබුණා. ඇමෙරිකාවට විරුද්ධව චිත්‍රයක්වත් අඳින්න බෑ.‘‘
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...