මුහුණු පොතෙන්

වාසනාවන්ත මිනිස්සු!

January 29, 2020 10:49 am | Lanka Lead News

මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පෙරලන්න යටි උගුල් ඇදපු, ආණ්ඩුව පෙරලිච්ච සැණින් අප්පච්චි මලෝ කියලා පැනලා දුවපු,රාජපක්ෂ රෙජීමය පතුරු ගහපු, බැසිල්,ගෝඨා,ශිරන්ති,නාමල්,යෝෂිත,රෝහිතලාගේ රෙදි ගලවපු,රාජපක්ෂලා මිනී මරුවන් හොරුන් සල්ලාලයන් ලෙස හංවඩු ගහපු මහින්ද මහත්තයා ගෙදර ගිය පසු යමපාලන ආණ්ඩුවට ප්ලග් වී ඇමති තනතුරු වරදාන වරප්‍රසාද ගත්තු,ඒ ආණ්ඩුවේ ඉඳගෙන රාජපක්ෂලා සහ ඔවුනට අවනත නැති මිනිස්සු හිරේ දාපු,රාජපක්ෂවරු සමඟ නොසැලී දේශපාලනය කල මිනිස්සුන්ගේ රැකියා නැති කරපු,ව්‍යාපාර වනසපු තක්කඩියන් මේ ආණ්ඩුවේද මංත්‍රීවරු ඇමතිවරු වෙනවා කියන්නේ රාජපක්ෂවරු සමඟ නොසැලී සිටිමින් අතින් කාලා හරක් බලපු අපිට නම් අප්‍රමාණ සතුටුය.

ඔවුන් ඉතා වාසනාවන්ත මිනිසුන් බව නම් නොකියාම බැරිය. මන්ද ඔවුන්ගෙන් අප්‍රමාණ නින්දා අපහාස සහ හිර දඬුවම් පවා විඳි අපගේ ජන නායක කැලට ඒවා වගේ වගක් නැති වී දැන් බදාගෙන උම්මා දෙන්නට තරම් මෛත්‍රිය පහල වීම වෙනකක් නොව ඔවුන්ගේ පින් මහිමය නිසා සිදු වන්නක් ලෙස සිතීම අපගේ ශරීර සෞඛ්‍යයට හොඳය.උම්මා දීමෙන් නොනැවතී නොමිනේෂන් දී පාර්ලිමේන්තුවටද වඩම්මන්නට තරම් ත්‍යාගශීලී වී ඇත. එදා උන් රාජපක්ෂලාට විමල්ලාට නෙලන විට ඒවාට රෙද්ද කඩාගෙන බැනුම් අහගෙන උත්තර දුන් අප දෙස බලා ඔවුන් අනුකම්පාවෙන් සිනාසෙනු ඇත. පින්වන්ත වූ ඔවුන් මොන ආණ්ඩුව ආවත් මංත්‍රීවරුය. ඇමකිවරුය.

යම් හෙයකින් ආසන 115-118 ක් අපට ලැබුනොත් ඒ පිංවන්ත මිනිසුන්ට පෙර පරිදිම රුපියල් මිලියන 500ට 800ට සජිත් අගමැති කිරීමට යහපාලනයට නැවත යා හැකිය. ඉතිං කෙලවා ගැනීම ජාතික ක්‍රීඩාව බවට පත්කරගෙන ඇති අපට කොරෝනා වෛරසයේ පිහිට ආරක්ෂාව ලැබේවා!

ආමේන්!

-කැලුම් ජයසුමන



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More