දේශීය පුවත්

නීතිපති දප්පුල ද ලිවේරා මහතා කථානායක කරූ ජයසූරිය මහතා හමුවී තිබේ.

වැඩ තහනමට ලක් වු හිටපු මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා අත්අඩංගුවට ගැනීමට ලබාදුන් නියෝගය සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ දී සාකච්ඡා වූ කරුණුවලට අදාලව මෙම හමුව සිදුව ඇති බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ.

පසුගියදා කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ව්‍යවස්ථා සභාව රැස්වු අවස්ථාවේ නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා අත්අඩංගුවට ගන්නා ලෙස පොලීසියට සිදුකළ දැනුම්දීම සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුව තිබුණි.

එම නියෝගය හේතුවෙන් මහජනතාව අතර අධිකරණය පිළිබඳ පවතින විශ්වාසය බිඳවැටීමට ඉඩකඩ පවතින බව සහ අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට මෙන්ම විනිසුරුවරුන්ගේ වෘත්තීය ගරුත්වයට ද බලපැම් එල්ල වන බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්ව තිබූ බව සදහන්.

ඒ අනුව අදාල නියෝගය සම්බන්ධයෙන් නීතිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත කැඳවා කරුණු විමසීමට එහිදී තීරණය වී තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More