නව කොරෝනා වෛරසය සතියකින් හෝ දින 10 කින් පමණ උපරිමයට පැමිණිය හැකි බව චිනයේ ප්‍රමුඛ පෙළේ ශ්වසන විශේෂඥවරයෙක් වන ෂොං නන්ෂාන් ෂින්හුවා පුවත් සේවය සමග කළ සම්මුඛ සාකච්ඡාවකදී පවසා තිබේ.
“උපරිම මට්ටමට ළඟා වීම නිශ්චිතවම තක්සේරු කිරීම ඉතා අපහසුයි. නමුත් මම හිතන්නේ සතියක් හෝ දින 10 ක් තුළ එය උච්චතම අවස්ථාව කරා ළඟා වෙනු ඇති. ඉන් පසුව විශාල පරිමාණයේ වැඩිවීමක් සිදු නොවනු ඇති” ෂොං පැවසීය.
කොරොනා වෛරසය පාලනය කිරීම හා වැළැක්වීම සඳහා පිහිටුවා ඇති ජාතික විශේෂඥ කණ්ඩායමක ප්‍රධානියා ෂොන්ග් වන අතර ඔහු චීන ඉංජිනේරු ඇකඩමියේ ශාස්ත්‍රඥයෙකි.
“වසංගතය මැඩපැවැත්වීම සඳහා මාර්ග දෙකක් තිබෙනවා. එකක් කල්තියා හඳුනා ගැනීම සහ අනෙක හුදෙකලා වීමයි. ඒවා වඩාත් ප්‍රාථමික හා ඵලදායී ක්‍රමයන් වෙනවා. ඔහු පැවසීය.
“දින දහයේ සිට 14 දක්වා කාලය හුදකලා කිරීම හා නිරීක්ෂණය කිරීම සඳහා හොඳ කාල පරිච්ඡේදයක්. පුර්ව ලියාපදිංචි තක්සේරු කාලය අවසන් වූ විට, අසනීප වූවන්ට කාලෝචිත ප්‍රතිකාර ලබා ගත හැකියි. නමුත් පරීක්ෂණ සහ හඳුනාගැනීමේ පියවර අඛණ්ඩව සිදුවිය යුතුය,” ෂොං පැවසීය.
රෝහල්වල බෝවන රෝග විශේෂඥයින් යින් පමණක් නොව, රෝගීන් වඩා හොඳින් බේරා ගැනීම සඳහා දරුණු අවස්ථාවන්ට ප්‍රතිකාර කිරීමේ විශේෂඥයින් ද සිටිය යුතු බව ඔහු යෝජනා කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...