රට දෙකඩ කරනවා, රට ඇමෙරිකානු කොළනියක් වෙනවා කියා බිල්ලන් මැවූ එම්. සී. සී ගිවිසුම ලබන මැයි මාසයෙන් පසු අත්සන් කිරීමට රජය සැළසුම්කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී අශෝක් අබේසිංහ මහතා කොළඹදී අද(29) පැවසීය.
කමිටු පත් කර ජනතා අදහස් ලබා ගනිමින් එම්. සී. සී ගිවිසුම අත්සන් කිරීම සඳහා අවශ්‍ය සැලසුම් ආණ්ඩුව මේ දිනවල සකස් කර ගෙන යන බවද මන්ත‍්‍රීවරයා සදහන් කළේය. තුනෙන් දෙකක බලයක් ඉල්ලා සිටින මේ ආණ්ඩුවට තුනෙන් දෙකක් තියා ආණ්ඩු බලයත් නොලැබෙන බවද විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අබේසිංහ මහතා පැවැසීය.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී අශෝක් අබේසිංහ මහතා මෙසේද කීය.
‘‘ මේ ආණ්ඩුවෙන් ඉන්න පිරිස් එම්. සී. සී ගිවිසුමෙන් රට දෙකඩ වෙනවා, ඇමරිකානු කොලනියක් වෙනවා කියලා බිල්ලො මැව්වා. දැන් කියනවා සීයට 70ක් හොදයිලූ. මේ ගිවිසුම ලබන මැයි මාසයෙන් පසු අත්සන් කරන බවට මම වගකීමෙන් කියනවා.
ඇමරිකානු නියෝජිතයයන් ආපු වෙලාවේදී ජනාධිපතිතුමා මැයි මාසේ වෙනකම් කල් ඉල්ලුවා. ඔහු කොයිම වෙලාවකවත් මේක අත්සන් කරන්නේ නැහැ කියලා නැහැ. දැන් මේ ගැන කමිටු පත් කරලා අධ්‍යයනය කරගෙන යනවා. අනිත් පැත්තෙන් ජනතා අදහස් ලබා ගනිමින් සිටිනවා.‘‘
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...