ව්‍යාපාරික පුවත්

ඉවත දැමිය හැකි මුහුණු ආවරණ සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත.

උද්ගතව ඇති කොරෝනා වෛරස තත්ත්වය හේතුවෙන් වෙළෙදෙපොලෙහි අලෙවි කිරිමට තිබූ ඉවත දැමිය හැකි මුහුණු ආවරණ අධික මිල ගණන් යටතේ වෙළෙදුන් විසින් ජනතාවට විකුණනු ලබන බවට මාධ්‍ය ඔස්සේ වාර්තා වීමත් සමඟ මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.

ඒ අනුව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මිය විසින් ගන්නා ලද තීරණයකට අනුව 2015 අංක 5 දරන ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනතේ 142 වගන්තිය යටතේ උපකරණ මිල නියම කිරිම නියෝග අනුව ඉවත දැමිය හැකි මුහුණු ආවරණ සදහා උපරිම සිල්ලර මිලක් නියම කිරිමට අද දින (29) අවශ්‍ය කටයුතු සිදු කර ඇත.

ඒ අනුව පහත සඳහන් වෛද්‍ය උපකරණවල අනුමත නාමය අනුව අලෙවි කළ හැකි උපරිම සිල්ලර මිල ගණන් පහත පරිදි වේ.

01. ඉවත දැමිය හැකි මුහුණු ආවරණ – නොවියන ලද (ලූපය සහිත හෝ ගැට ගසන) රුපියල් 15 යි.

02. ඉවත දැමිය හැකි ශල්‍ය මුහුණු ආවරණ – නොවියන ලද (ලූපය සහිත හෝ ගැටගසන) රුපියල් 15 යි.

03. මුහුණු ආවරණ (එන් 95 වර්ගය – අංශු ශ්වසන පෙරණය) රුපියල් 150 ක් වශයෙන් වේ.

එමෙන්ම ඉහත මිල ගණන් අභිබවා මුහුණු ආවරණ අලෙවි කරනු ලබන වෙළෙදුන්ට‌ සහ තොග සඟවා තබා ගන්නා වූ වෙළෙදුන් හට නීතිය ක්‍රියාත්මක කිරිමට අවශ්‍ය පියවර ගන්නා බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් දන්වා සිටි.

මේ දිනවල ඉවත දැමිය හැකි මුහුණු ආවරණ අධික මිල ගණන් යටතේ වෙළෙදුන් විසින් ජනතාවට විකුණනු ලබන බවට මාධ්‍ය ඔස්සේ වාර්තා විය.

අප වාර්තාකරුවන්ද ප්‍රකාශ කර සිටියේ කොළඹ අවට ඇතැම් ෆාමසි හා වෙළඳසැල්වලින් ඉවත දැමිය හැකි සාමාන්‍ය මුහුණු ආවරණ රුපියල් 50 සිට රුපියල් 100ක් පමණ වු මිල ගණන්වලට ද අලෙවි කිරීම සිදු කළ බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More