දේශීය පුවත්

චීනයේ සිටින සිසු සිසුවියන් ඇතුළු සියලු ලාංකිකයන් නැවත ලංකාවට රැගෙන ඒමට, ගනුලැබූ කඩිනම් පියවර සම්බන්ධයෙන් රටේ ජනතාවගේ ප්‍රසාදය හිමිව ඇති මොහොතක එම තීරණය හැල්ලු කිරීමට සියයට තුනේ රතු අලි සහ එන්.ජී.ඕ. කල්ලි විසින් චීනයේ විශ්වවිද්‍යාලයෙක ඉගෙනුම ලබන තමාගේ පුතා නිසා ආණ්ඩුව මෙතරම් වේගයෙන් ක්‍රියාත්මක වූයේ යැයි පුවත කරලියට ගෙනවිත් ඇති බවත් එය දරුවන් යොදා ගෙන මඩ ගැසීමක් බවත් විමල් වීරවංශ මහතා පවසයි.

ඔහු තම ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් මෙසේ ප්‍රකාශ කර ඇත එම ෆේස්බුක් සටහන පහතින්

දරුවන් ගාවගෙන මඩ ගැසීම…!

චීනයේ ඇති වූ අර්බුදකාරි තත්ත්වය හමුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්, චීනෙයේ සිටින සිසු සිසුවියන් ඇතුළු සියලු ලාංකිකයන් නැවත ලංකාවට රැගෙන ඒමට, ගනුලැබූ කඩිනම් පියවර සියළු දෙනාගේම පාහේ ප්‍රසාදයට ලක් විය . එමනිසා කලබල වූ සීයට තුනේ රතු අලි ජනාධිපතිතුමන් ගත් එම තීරණය හෑල්ලුවට ලක් කිරීමට ක්‍රමයක් කල්පනා කළේය .ඒ සදහා මෙම සීයට තුනේ කුහක රතු අලි අල්ලාගෙන තිබෙනුයේ මගේ පුතාවය. මගේ පුතා චීනයේ විශ්වවිද්‍යාලය ක ඉගෙනුම ලබන බැවින් ආණ්ඩුව මෙතරම් වේගයෙන් ක්‍රියාත්මක වූයේ “විමල්ගේ පුතා බේරාගැනීමට ” යන පුවත කරලියට එන්නේ ඒ අනුවය .

වදවීගෙන යාමේ තර්ජනයට මුහුණ දී සිටින සීයට තුනේ රතු අලි හා එන් ජී ඕ කාක්කන්ගේ අවබෝධය පිණිස නොව, හුදී ජනයාගේ දැනගැනීම පිණිස එහි සත්‍ය තත්ත්වය මෙසේ පැහැදිලි කරමි.
මගේ පුත් විභූති චීනයේ විශ්ව විද්‍යාලයක ශිෂ්‍යත්වයක් ලැබ එහි ඉගෙනුම ලබන බව සත්‍යකි. චීනයේ අළුත් අවුරුද්ද වෙනුවෙන් විභූති ඉගෙනුම ලැබූ විශ්වවිද්‍යාලය දරුවන් ට නිවාඩු දුන්නේ පසුගිය ජනවාරි 8 ය. ඒ අනුව විභූති 9 වැනිදා පාන්දර ශ්‍රීලංකාවට පැමිනියේ ශ්‍රීලංකන් ගුවන් යානයකිනි. චීනයේ කොරොනා ප්‍රශ්නය උදගත වන විට විභූති ඉන්නේ ලංකාවේය. මේ මොහොතේ ද ඉන්නේ ලංකාවේ ය. සත්‍ය සැක හැර දැනගැනීමේ පිපාසාවකින් යමෙකු පෙලෙන්නේනම් ඔහු හෝ ඇය කළයුත්තේ ජනවාරි 9 පාන්දර චීනයේ සිට ලංකාවට පැමිනි ශ්‍රීලංකන් ගුවන්සේවයට අයත් ගුවන් යානයේ තොරතුරු සොයා බැලීමය. පැමිනි මගීන් පිළිබඳ තොරතුරු විමසා බැලීමය.

දරුවන් පවා සම්බන්ධ කර ගනිමින් බොරු පතුරුවන සීයට තුනේ කුහක රතු අලි හා N G O කල්ලි වෙතින් මීට වඩා වෙනස් භූමිකාවක් අප අපේක්ෂා කරනුයේ නැත . ඔය ලෙසම ගොස් තියෙන තුනද නැති කර ගන්නා අයුරු අප බලාසිටිනුයේ නොමද සතුටෙනි.



One thought on “‘‘චීනයේ කොරෝනා ප්‍රශ්නය උදගත වන විට මගේ පුතා ඉන්නේ ලංකාවේ…‘‘- දරුවන් ගාවගෙන මඩ ගසන අයට විමල් පිළිතුරු දෙයි”

  1. It was in December 31, China alerted the World Health Organization (WHO) to several cases of pneumonia in Wuhan, a port city of 11 million people in the central Hubei province. The virus is unknown.

    Several of those infected worked at the city’s Huanan Seafood Wholesale Market, which was shut down on January 1.

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More