චීන ජාතික ධජයට අපහාස කිරීම සම්බන්ධයෙන් සමාව අයැදීමට ඩෙන්මාර්ක් පුවත්පතක් ප්‍රතික්ෂේප කර තිබෙනවා. චීනයේ පැතිරෙමින් පවතින කොරෝනා වෛරසය සම්බන්ධයෙන් එම පුවත්පත උපහාසාත්මක ලෙස කාටුනයක් පළකර තිබේ.
Jyllands-Posten නම් පුවත්පත විසින් පසුගිය සඳුදා එම කාටුනය පළකර තිබු අතර එහිදී චීන ජාතික ධජය පළකොට එහි තිබෙන තරු වෙනුවට කොරෝනා වෛරසය හුවා දක්වා තිබෙනවා. මෙම කාටුනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඩෙන්මාර්කයේ පිහිටි චීන තානාපති කාර්යාලය විසින් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ එය චීනයට සිදුකළ අපහාසයක් බවය.
මෙම නව කොරෝනා වෛරසය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 132ක් ජිවිතක්ෂයට පත්ව ඇති අතර පුද්ගලයින් 10,000 කට අසන්න පිරිසකට වෛරසය වැළදී තිබේ.
චීන තානාපති කාර්යාලය සඳහන් කර සිටියේ ඩෙන්මාරකයේ මෙම පුවත්පත සිදුකළ ක්‍රියාව භාෂණයේ නිදහස සම්බන්ධයෙන් තිබෙන සිමාවන් ඉක්මවා යාමක් බවයි.
මේ සම්බන්ධයෙන් අදහස් පළකරමින් ඩෙන්මාරකයේ Jyllands-Posten පුවත්පතේ කතෘවරයා සඳහන් කර සිටියේ තමන් චීනයේ ජනතාව හෝ ඇතිව තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් උපහාසාත්මකව සිතා මෙම කාටුනය පළනොකල බවත්, කිසිදු අවස්ථාවක ඒ සම්බන්ධයෙන් සමාව අයැදීමට කටයුතු නොකරන බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...