දේශීය පුවත්

රජයේ වියදම් වෙනුවෙන් අවශ්‍ය මුදල් වෙන්කර ගැනීම සඳහා නව පරිපූරක ඇස්තමේන්තුවක් ලබන පාර්ලිමේන්තු සතියේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කැබිනට් ප්‍රකාශක ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (30) පැවසීය.

පැවති රජය විසින් කොන්ත්‍රාත්කරුවන්ට හා සැපයුම්කරුවන්ට ලබාදිය යුතු රුපියල් කෝටි 13,000 ක් ගෙවන්නට සිදුවීම ඇතුළු රජයේ වියදම් සඳහා දැනට පවතින පරිපූරක ඇස්තමේන්තුවෙන් වෙන්කර ඇති මුදල් ප්‍රමාණවත් නොවන නිසා මෙම තීරණය ගෙන ඇතැයි ද ඇමැතිවරයා කීවේය.

අගමැති සහ මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කර පසුව මෙම පරිපූරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇතැයි ඇමැතිවරයා සදහන් කළේය.

දැනට ලබාගත හැකි ණය සීමාව ද මෙහිදී වෙනස් කරන්නට සිදුවන බව ඇමැතිවරයා පැවසීය.

බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More