දේශීය පුවත්

එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව මණ්ඩලයේ ප්‍රධානියා ලෙසට කථානායක කරු ජයසූරිය පත් කිරීමේ යෝජනාව පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මේ වන විට ප්‍රතික්ෂේප කර ඇත.

පක්ෂ නායකත්වයේ තවදුරටත් තමන්ම කටයුතු කරමින් එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛව පිහිටුවීමට යෝජිත සන්ධානයේ නායකත්වය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට ලබාදීමට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ තීරණය කර ඇත.

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම සිරිකොත පක්ෂ මූලස්ථානයේදී අද (30 වැනිදා) පැවැත්වීමට නියමිතය. මෙම රැස්වීමේදී නව තීරණය පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ විසින් ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. කෘත්‍යාධිකාරි මණ්ඩල සාමාජිකයන්ගේ අනුමැතිය විමසීමෙන් පසු පක්ෂ අර්බුදය නිමා කර ගැනීමට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ බලාපොරොත්තු වෙයි. මේ අතර එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය සඳහා නවක සාමාජිකයන් පත් නොකිරීමටද පක්ෂ නායකත්වය තීරණය කර ඇත. කෘත්‍යාධිකාරි මණ්ඩල සාමාජිකයන් 96 දෙනාගේ නිල කාලය දෙසැම්බර් 31 වැනිදායින් අවසන් විය. එම සාමාජිකයන්ම යළි බලාත්මක කරමින් කෘත්‍යාධිකාරීමණ්ඩල රැස්වීම අද (30 වැනිදා) පැවැත්වීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More