දේශීය පුවත්

හැටන් ශ්‍රී පාද විද්‍යා පිඨය තුළ වෛරස් උණ රෝගයක් පැතිර යාමේ අවධානමක් හේතුවෙන් විද්‍යා පිඨය තාවකාලිකව වසා දමන ලෙස කොටගල සෞඛ්‍ය වෛද්‍ය අධිකාරි කාර්යයාලයේ නිලධාරින් විසින් දැනුම් දී ඇත.

ඒ අනුව පෙබරවාරී මස 5 වන දින තෙක් පීඨය වසා තබන ලෙස අද(30) දිනයේ දී පීඨාධිපතිනියට උපදෙස් දී තිබේ.

එම විද්‍යා පිඨයේ අධ්‍යාපනය ලබන ගුරු සිසු සිසුවියන් 75 කට ආසන්න පිරිසකට ඊයේ(29)දින සිට උණ රෝගය සහ ස්වසන අපහසුතා ඇති විම නිසා කොටගල ප්‍රාදේශිය රෝහලෙන් ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇත.

අද දිනයේ දීත් සියයකට ආසන්න පිරිසක් ප්‍රතිකාර ලැබීමට පැමිණි බවද රෝහල් ආරංචි මාර්ග පවසයි.

එම පිරිස අතරින් පීසක් කොටගල රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන අතර, අනෙකුත් පිරිස දික්ඔය රජයේ දිස්ත්‍රික් මුලික රෝහල වෙත යොමු කිරිමටද පියවර ගෙන ඇත.

මහජන සෞඛ්‍ය නිලධාරින් විසින් අද දිනයේ දී එම විද්‍යාපීඨයේ නේවාසික ස්ථාන පරික්ෂා කීමටත් විෂබීජ නාශක ඉසමින් ජිවානුහරනය කිරිමට පියවර ගන්නා බවත් පැවසීය.

මේ සම්බන්ධයෙන් ශ්‍රිපාද විද්‍යාපිඨයේ නිලධාරිනියක් පැවසුවේ වෛද්‍ය නිගමනය අනුව උපදෙස් ලබා ගැනිමට ලිපියක් යොමුකර ඇති බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More