දේශීය පුවත්

මේ ඡන්දෙදි ශක්තිමත් ජයග්‍රහණයක් ලබා ගන්න අපි උත්සාහ කළ යුතු යැයි විදේශ සබඳතා , නිපුණතා සංවර්ධන , රැකිරක්ෂා සහ කම්කරු සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

කොලොන්නාව, අඹතලේ ප්‍රදේශයේදී පැවති ජනාධිපතිවරයාගේ ජයග්‍රණයට ස්තුතිය පළ කිරිමේ අවස්ථාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,

“රජය පත්වුණාට පසු ජනතාවට සහන රාශියක් ප්‍රකාශයට පත්කර තිබෙනවා. බදු සහන, විවිධ මිල ගණන් අඩු කිරීම්, නව ව්‍යාපෘති යෝජනාවන් පළාත් පාලන ආයතනවලට හා මන්ත්‍රි කොට්ඨාසවලට හැකි පමණ ලබාදෙමින් ජනතාවට ඒ සහන ලබා දෙන්න කටයුතු කරනවා. මාස 4ට පමණයි අයවැය සම්මත කරලා තියෙන්නේ. ඒ කාලය තුළ ජනතාවට උපරිම සහන දෙන්න පමණයි මුදල් වෙන් කර තිබෙන්නේ. වෙනත් ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්න මුදල් වෙන් කරලා නෑ. යම් මුදල් ප්‍රමාණයක් වෙන් කරලා තමයි ගමින් ගමට මේ ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්නේ. වෙන ජනාධිපති කෙනෙක් යටතේ නම් මුලින්ම පාර්ලිමේන්තුව විසුරුවා හරින්න පුළුවන්. වසර හතර හමාරක් යන තෙක් පාර්ලිමේන්තුව විසුරුවා හරින්න බැරිවෙන්න නීති සම්පාදනය කළ නිසයි ඒ ආකාරයෙන් පාර්ලිමේන්තුව විසුරුවා හරින්න බැරි වෙලා තියෙන්නේ. නමුත් මාර්තු මස පළමු වෙනිදා වනවිට පාර්ලිමේන්තුවට අවුරුදු හතර හමාරක් පිරෙනවා. ඉන් පස්සේ ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව විසුරුවා හැරලා යුඑන්පී මන්ත්‍රින් ගෙදර ඇරලා නැවත ඡන්දයකට යන්න අවස්ථාව ලබාදෙනවා. එම ඡන්දයේදී ශක්තිමත් ජයග්‍රහණයක් ලබා ගන්න අපි උත්සහ ගත යුතුයි.

තවදුරටත් සභාව ඇමතූ අමාත්‍යවරයා ”උපාධිධාරීන් 50,000ට රැකියා ලබාදීමේ වැඩසටහනක් ජනාධිපතිතුමා දැනටමත් ආරම්භ කරලා තිබෙනවා. ඒ වගේම තරුණ තරුණියන්ට රැකියා 100,000ක් ලබාදීමේ වැඩසටහනක් සඳහා යෝජනා කැඳවලා තිබෙනවා. අඩු ආදායම් ලාභී පවුල්වලට නිවෙස් සාදා දෙන වැඩසටහනක්ද ඉදිරි වසර 2 තුළ අපි ක්‍රියාත්මක කරනවා.

ඒ වගේම ඔබලාගේ ජීවිතවලට සතුට ගෙන එන්න මේ රජය විසින් සෞභාග්‍යයේ දැක්ම වැඩසටහන ආරම්භ කරලා තිබෙනවා. ” යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More