චීනයේ පිහිටි සිය මෙහෙයුම් කාර්යාලය වසා දැමීමට ගූගල් සමාගම තීරණය කර තිබෙනවා. විදෙස් වාර්තා පැවසුවේ චීනය තුල නව කොරෝනා වෛරසය පැතිර යාම හමුවේ එම සමාගම මෙම තීරණය ගෙන ඇති බවයි. චිනයට අමතරව හොංකොන් හා තායිවානයේ පිහිටි ගූගල් කාර්යාලද ද වසා දමා ඇතැයි විදෙස් වාර්තාවල සදහන්.
ඒ අනුව එම කාර්යාලවල සේවයේ නියුතු සේවකයින්ට යලි දැනුම්දෙන තුරු සිය නිවෙස් වල සිට රාජකාරි කරන ලෙසයි ගූගල් සමාගම දැනුම් දී ඇත්තේ.
මෙ අතර චිනය බලා මෙන්ම චීනයේ සිට සිදුකරන සියලු ගුවන් මෙහෙයුම් කටයුතු අත්හිටුවීමට ලුෆ්තාන්සා එයාර් කැනඩා හා අමෙරිකන් එයාර්ලයින්ස් යන ගුවන් සමාගම් තීරණය කර තිබෙනවා. බි්‍රටිශ් එයාර්වේස් සමාගම ඊයේ දිනයේදීම සියලු චින ගුවන් ගමන් අත්හිටුවනු ලැබුවා.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...