මත්කුඩු ජාවාරමට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට පොලිසීයට උපදෙස් ලබා දී ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද පෙරවරුවේ මොරටුව ප්‍රදේශයේ පැවති ආගමික උත්සවයකට එක්වෙමින්.
මොරටුව බෞද්ධ මන්දිරයේ අභිනව චෛත්‍ය රාජයාණන්වහන්සේගේ කොත නිරාවරණය කිරීම අද පෙරවරුවේ සිදුකෙරුණේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේ ද පැවසීය.
“පසුගිය කාලය පුරාවට දරුවන් මත්කුඩු, මත්පෙති,ආදියට හුරුවෙලා ඇති බව අපිට දැන් පැහැදිලියි. අදත් හොරණ දී මත්කුඩු හමුවුණා.
මේ දේවල්වලින් තරුණ පරපුර විනාශ වෙනවා දකින්න අපිට සිදු වෙලා. මේ සඳහා දැඩි පියවර ගන්න කියලා අපි පොලිසීයට කිව්වා.
මත්කුඩු ජාවාරමට එරෙහිව දැඩි පියවර – අගමැති
මත්කුඩු ජාවාරමට එරෙහිව දැඩි පියවර – අගමැති
Gepostet von Ada Derana Sinhala am Donnerstag, 30. Januar 2020
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...