දේශීය පුවත්

ජනාධිපති කාර්යාලයේ නියෝගය නොතකා රාජ්‍ය ආයතන සඳහා මේ වන විට ක්‍රියාකාරී අධ්‍යක්ෂවරු පත්කර ඇත්නම් ඔවුන් ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස මුදල් අමාත්‍යාංශය, අමාත්‍යාංශ ලේකම්වරුන්ට දැනුම් දී ඇත.

සියලුම රාජ්‍ය ආයතනවල ක්‍රියාකාරී අධ්‍යක්ෂවරුන් පත් කිරීම තහනම් කරමින් ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර පසුගිය 13 වැනිදා විශේෂ චක්‍රලේඛයක් නිකුත් කරන ලදී. එම චක්‍රලේඛය සහ බැඳෙමින් මුදල් අමාත්‍යාංශය පෙරේදා (29 වැනිදා) තවත් චක්‍රලේඛයක් අමාත්‍යාංශ ලේකම්වරුන්ට යොමුකර ඇත. එම චක්‍රලේඛයේද දැක්වෙන්නේ රාජ්‍ය ආයතනවල සභාපතිවරුන්ට රුපියල් ලක්ෂයක දීමනාවක් පමණක් හිමිවන බවයි. එක් නිල රථයක් සහ ඉන්ධන ලීටර් 150 ක් පමණක් සභාපතිවරුන්ට හිමිවෙයි. අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්ට රුපියල් 25,000 ක දීමනාවක් පමණක් හිමිවන බව මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

රාජ්‍ය ආයතනවල අතිරික්ත සේවකයන් කළමනාකරණය කරන ලෙසත්, නව බඳවා ගැනීම් සිදු නොකරන ලෙසත් මුදල් අමාත්‍යාංශය දැනුම් දී තිබේ. ඉන්ධන, විදුලිය, සන්නිවේදනය, ප්‍රවාහනය යන ක්ෂේත්‍ර විශේෂ පාලනයකට ලක් කරන ලෙසද මුදල් අමාත්‍යාංශ ලේකම් එන්. ආර්. ආටිගල අමාත්‍යාංශ ලේකම්වරුන්ට යොමු කළ චක්‍රලේඛයේ සඳහන් වෙයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More