දේශීය පුවත්

පවතින වියළි කාලගුණය හමුවේ විදුලි බලය අරපිරිමැස්මෙන් යුතුව භාවිත කල යුතු වුවද නිදහස් දිනය වෙනුවෙන් රජයේ ගොඩනැඟිලි විදුලි ආලෝකකරණය කර තබන ලෙස රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට දැනුම් දී තිබේ.

පෙබරවාරි 03 සහ 04 යන දෙදින තුළ මෙලෙස රාජ්‍ය ආයතන ගොඩනැඟිලි විදුලි ආලෝකකරණය කර තබන ලෙස චක්‍රලේඛයක් මඟින් දැනුම් දී ඇත.

නිදහස් දිනය වෙනුවෙන් මෙලෙස සියලු රාජ්‍ය ආයතන විදුලි ආලෝකකරණය කර තබන ලෙස දැනුම් දුන්නද මේ වන විට පවතින්නේ විදුලි බලය අරපිරිමැස්මෙන් යුතුව භාවිත කල යුතු කාලයකි.

විදුලි අවශ්‍යතාවය ඉහළ යාමත් , ජල විදුලි නිෂ්පාදනය සීමාවීමත් යන කරුණු හේතුකොට ගෙන ඉදිරියේදී විදුලිය සැපයීම අභියෝගයට ලක් විය හැකි බව සදහන් වාර්තා ඵළවන මොහොතක රජය චක්‍රලේඛයකින් දැනුම් දී ඇත්තේ පෙබරවාරි 03 සහ 04 යන දෙදින තුළ රාජ්‍ය ආයතන ගොඩනැඟිලි විදුලි ආලෝකකරණය කරමින් තබන ලෙසයි. මෙම පුවත සමාජ ජාලා තුළ දැඩි කතාබහට ලක්ව ඇති බවද වාර්තාවේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More