දේශීය පුවත්

සැබෑ ජාතික ගැටළුවට පිළිතුරු සෙවිය යුත්තේ නව ව්‍යවස්ථාවක් රටට හදුන්වා දීමෙන් පමණක් බව ධර්මපාල පරපුර සංවිධානය පවසයි.

ධර්මපාල පරපුරේ සම නිර්මාතෘ සේනාරත්න ද සිල්වා මහතා මේ බව කියා සිටියේ ඊයේ (30) මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේ පැවති ‘‘උරුමයක උරුමය‘‘ නම් ශාස්ත්‍රීය සාර සංග්‍රහය ජනගත කිරීමේ උත්සවයට එක්වෙමිනි.

සැබෑ ජාතික ප්‍රශ්නය මේ වන විට විසඳි නොමැති බවත් දෙස් විදෙස් සතුරු බලවේග විසින් වෙනත් මුහුණුවරකින් ජිනීවා යෝජනාවලිය හරහා නැවතත් කරළියට පැමිනීමට ඉඩ තිබෙන බවත් 13 වන ව්‍යවස්තාව සහ 19 වන ව්‍යවස්ථා සංශෝධන මගින් එය ඉටුකර ගැනීමට ඔවුන් කැස කවමින් සිටින බවත් සේනාරත්න ද සිල්වා මහතා අවධාරණය කර සිටියේය.

නව ව්‍යවස්ථාවක අවශ්‍යතාවය මතුකරන ඇත්ත බුද්ධිමතුන් මෙන්ම සමාජ ක්‍රියාකාරිකයන් සමාජය ඉදිරියට ගෙන ඒමේ අවශ්‍යතාවය මතුව ඇති බවද ඔහු වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.

මෙම අවස්ථාවට මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරථන හිමි, විද්‍යෝදය පරිවේනාධිපති පූජ්‍ය බලංගොඩ සෝභිත හිමි, සාහිත්‍යශූරී ගුණදාස අමරසේකර ඇතුළු ගිහි පැවිදි විශාල පිරිසක් එක්ව සිටියහ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More