ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කර ගනිමින් පිහිටුවීමට නියමිත සන්ධානයේ නායකත්වය සජිත් ප්‍රේමදාස මහතාට ලබාදීමට එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති බවත්, එය සජිත් පාර්ශ්වය ලැබූ ජයග්‍රහණයක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසයි.
ඊට අමතරව නව සන්ධානයේ නාමයෝජනා කමිටුවේ සභාපති ධුරය සහ සන්ධානයේ මහ ලේකම් තනතුර නම්කිරීමේ වගකීම සජිත් ප්‍රේමදාස මහතාට ලබාදීමටත් කෘත්‍යාධිකාරී මණ්ඩලයේ එකඟතාවය හිමිව ඇති බැවින් කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තීන්දුව සම්බන්ධයෙන් සතුටුදායක විය හැකි බව ද මන්ත්‍රීවරයා පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ අද (31) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමිනි.
ඒ අනුව එජාපයේ මූලිකත්වයෙන් ගොඩනැගෙන සන්ධානයේ මූලික කටයුතු ලබන සතිය වනවිට ආරම්භ වන බවත්, එය නාමික සන්ධානයක් ලෙස නොව මැතිවරණ කොමිසමේ ලියාපදිංචි දේශපාලන පක්ෂයක් ලෙස වෙනම මැතිවරණ ලකුණක්ද සමග පිහිටුවන බවත් මන්ත්‍රීවරයා පෙන්වා දෙනවා. ඒ අනුව ඊට අදාල පක්ෂ ව්‍යවස්ථා, නිළධාරී මණ්ඩල නම් කිරීම ඇතුළු සියලු කටයුතු සිදුකර සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වය යටතේ ජයග්‍රාහී පුළුල් දේශපාලන ව්‍යාපාරයක් ගොඩනගන බවයි ඔහු පවසන්නේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...