රජයක් වශයෙන් මත්කුඩු උවඳුර තුරන් කිරිමට අවශ්‍ය සෑම පියවරක්ම කි‍්‍රයාත්මක කරන බව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
අග‍්‍රාමාත්‍යවරයා මෙසේ පැවසුවේ ඊයේ (30) මොරටුව බෞද්ධ මන්දිරයේ චෛත්‍ය රාජයාණන්වහන්සේගේ කොත නිරාවරණය කිරිමේ උත්සවයට එක්වෙමිනි.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ අග‍්‍රාමාත්‍යවරයා මෙසේද පැවසීය,
“අපේ රටේ ඇතිවෙලා තියෙන තත්ත්වයන් දෙස වඩාත් සංවේදීව බැලීමේ වගකීමක් බෞද්ධ ජනතාවට තියෙනවා. මේක සාරධර්ම පිරිහෙමින් යන යුගයක්. මත්ද්‍රව්‍ය අපේ රට ගිලගන්න පටන් අරන්. අපේ දරුවෝ නොයෙක් මත්ද්‍රව්‍යවලට පෙතිවලට ඇබ්බැහි වී සිටිනවා. අදත් හොරණ ප‍්‍රදේශයේදී මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 150ක් අත්අඩංගුවට ගන්න සමත්වෙලා තියෙනවා. මේ විදියට විශාල වශයෙන් මත්ද්‍රව්‍ය බිමෙන් තරුණ පරපුර විනාශ වෙනවා. මෙයට අපි තදබල පියවර ගැනීමේ අවශ්‍යතාවයක් තියෙනවා. ඒ බව පොලීසියට දන්වා තිබෙනවා.
දෙමවුපියෝ තමන්ගේ දරුවන් පිළිබඳ මීට වඩා විමසිල්ලෙන් සිටිම අවශ්‍යයි. දරුවන් පිළිබඳ මිට වඩා විමසිල්ලෙන් සිටිමට කටයුතු කරන්න. දරුවෝ පොඩි කාලේ දරුවා පාසලට ගෙනියනවා. ගේට්ටුව ළඟ ඉන්නවා. නමුත් දරුවා ඉහළ පන්තියට යන කොට අපේ විමසිලිමත්වීම අඩුවෙනවා. දරුවා පාසල් ගියාද මොනවාද කරන්නේ කියන දේ ගැන, දරුවාගේ කි‍්‍රයාකලාපයන් ගැන දෙමවුපියෝ විමසිලිමත් විය යුතුයි. දරුවා පොඩිකාලයටත් වඩා දරුවා උස්මහත් වෙද්දි දරුවා ගැන සොයාබැලීමේ වගකීම් දෙමවුපියන්ට තිබෙනවා. නැත්නම් අපි සමාජයක් වශයෙනුත් ජාතියක් වශයෙනුත් පිරිහෙනවා. මත්කුඩු නැති කිරීමට අවශ්‍ය සෑම පියවරක්ම රජයක් වශයෙන් අපි කි‍්‍රයාත්මක කරනවා” යැයි අගමැතිවරයා වැඩිදුරටත් පැවසීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...