දේශීය පුවත්

කොරෝනා වෛරසය ආසාධිත රෝගීන් සුව කිරීමට සමත් බටහිර හා දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳව ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් කැඳවා තොරතුරු ලබා ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් දුන්නේය.

සෞඛ්‍ය, විදේශ සබඳතා සංචාරක සහ උසස් අධ්‍යාපන අමාත්‍යවරුන් සහ නිලධාරින් සමඟ අද (31) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවකදී මෙසේ උපදෙස් දෙනු ලැබීය.

කොරෝනා වෛරසය ශරීරගත වූ පළමු රෝගියා මේ වන විට ඉතා හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පසු වෙයි.

වෛරසය පැතිරයාම වළක්වා ගැනීමට වෛද්‍යවරුන්ට හැකිවී තිබේ. පූර්ණ කැපවීමෙන් ඊට සහාය වූ සියලු ක්ෂේත්‍රවල පිරිස් වෙත ජනාධිපතිවරයාගේ ප්‍රසාදය පළ කෙරිණ.

ජනතාව ආරක්ෂා කර ගැනීමට එම ක්‍රියාමාර්ග අඛණ්ඩව ඉදිරියට ගෙන යන ලෙස ද එතුමා උපදෙස් දුන්නේය.

කොරෝනා වෛරසය පැතිරයාම වැළැක්වීමටත්, චීනයේ සිටි සිසුන් මෙරටට රැගෙන ඒමටත් විශේෂඥ කමිටුව ගත් ක්‍රියාමාර්ග ජනාධිපතිවරයාගේ විමසුමට ලක් විය.

වුහාන් නගරයේ සිට සිය රට පැමිණෙන සිසුන්ට අවශ්‍ය සියලු පහසුකම් උපරිමයෙන් ලබාදී ඔවුන් රැකබලා ගන්නැයි උපදෙස් දුන් ජනාධිපතිවරයා සංචාරක කර්මාන්තය ආරක්ෂාකරමින් වත්මන් තත්ත්වයට මුහුණදීමට ගත යුතු පියවර ගැන අවධානය යොමු කළේය.

රෝග පරීක්ෂණය සඳහා සහ රෝහල්වල පහසුකම්හැකි උපරිමයෙන් පුළුල් කරන ලෙස ද ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More