දේශීය පුවත්

මාවනැල්ලේ බුදු පිළිම කැඩීමේ සිද්ධියේ විමර්ශන කටයුතු වලට යම් දේශපාලන බලපෑමක් එල්ල වූ බවට තමාට හැගී ගිය බව කෑගල්ල සහකාර පොලිස් අධිකාරී කමල් පෙරේරා මහතා අද අනාවරණ කළේය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින්.

පාස්කු ඉරුදින එල්ල වූ බෝම්බ ප්‍රහාරය පිළිබඳ සොයා බැලෙන ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ අද පෙනී සිටියේ කෑගල්ල සහකාර පොලිස් අධිකාරී කමල් පෙරේරා මහතායි.

මාවනැල්ලේ බුදු පිළිම වලට හානි කළ සැකකරුවන් කීදෙනෙක් අත්අඩංගුවට ගනු ලැබුවේදැයි කොමිසම ප්‍රථමයෙන්ම ඔහුගෙන් විමසා සිටියේය.

එහිදී කෑගල්ල සහකාර පොලිස් අධිකාරීවරයා ප්‍රකාශ කළේ ප්‍රදේශවාසීන් විසින් අල්ලා දුන් සැකකරුවෙකුගෙන් කළ ප්‍රශ්න කිරිම් වලදී මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරුවන් දෙදෙනා වන සාදික් සහ සිද්දික් සම්බන්ධයෙන් තොරතුරු දැනගත් බවයි.

කෙසේවෙතත් සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් වලින් පසු මුස්ලිම් ජාතික සැකකරුවන් 7දෙනෙක් අත්අඩංගුවට ගැනීමට හැකිවූ බවයි ඔහු කොමිසමට පැවසුවේ.

නමුත් අසාද් සාලි මහතා පැනගිය සාදික් සහ සිද්දික් යන දෙදෙනා භාරදෙනු ඇති බවට නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධන මහතා තමන්ට ප්‍රකාශ කළ බවත් ඒ අනුව ඔවුන් රැගෙන එනු එතැයි තමන් දින 2ක් පුරා බලා සිටියත් එවැනි භාරදීමක් සිදුනොවුණු බව ඔහු ප්‍රකාශ කළේය.

ඊට පසු දිනයකදී නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් ප්‍රධානත්වයෙන් මේ පිළිබද පැවැති සාකච්ඡාවේදී සහකාර පොලිස් අධිකාරී ගාමිණි තෙන්නකෝන් මහතා අසාද් සාලි මහතාට දුරකථන ඇමතුමක් ලබාගත් බවද සහකාර පොලිස් අධිකාරීවරයා සඳහන් කළේය.

එහිදී සැකකරුවන් භාරදෙන බවට වූ ප්‍රකාශයක් තමන් සිදුනොකළ බවට අසාද් සාලි මහතා ප්‍රකාශ කළ අතර එම සංවාදය ශ්‍රවණය කිරිමේදී තමා ඇතුළු පොලිස් නිලධාරින්ට වැටහුණේ සැකකරුවන් භාරදීමක් සිදුනොවන බවත් පොලිස් විමර්ශනයට අදාළ තොරතුරු අසාද් සාලි මහතා විමසීම තුලින් එම තොරතුරු බැහැරට යන බවක් තමාට වැටහුණු බව සහකාර පොලිස් අධිකාරී කමල් පෙරේරා මහතා කොමිසමට ප්‍රකාශ කළේය.

පසුව කොමිසම විමසා සිටියේ මෙම විමර්ශනයට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ සහාය ලැබුනේ කවදාද යන්නයි.

ඊට පිළිතුරු දුන් කමල් පෙරේරා මහතා පැවසුවේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ එවක අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා තවත් නිලධාරී කණ්ඩායමක් සමඟ 2018 දෙසැම්බර් 26 හෝ 27 වැනිදා කෑගල්ල පොලිස් අධිකාරී කාර්යාලයට පැමිණි බවයි.

එහිදී මෙම පරික්ෂණය අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ එවක අධ්‍යක්ෂකවරයා නිල වශයෙන් භාර ගත්තාද යන ප්‍රශ්නය කොමිසම විමසු අවස්ථාවේදී සහකාර පොලිස් අධිකාරීවරයා පැවසුවේ දිවා ආහාරයෙන් පසු ශානි අබේසේකර මහතා තමා ඇමතූ බවයි.

එහිදී “කමල් ඔයාලා හොදට කරගෙන යනවා, එහෙනම් මම යනවා ,ඔබේ සහායට මගේ නිලධාරීන් කණ්ඩායමක් තියලා යනවා” ලෙස පැවසූ රහස් පොලිසීයේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර ඉන් පිටව ගිය බව කමල් පෙරේරා මහතා පැවසුවේය.

එලෙස ශානි අබේසේකර මහතා පිටව ගියේ යම් දේශපාලන බලපෑමක් මත බව ඔබට හැගුනේදැයි කොමිසම විමසූ ප්‍රශ්නයට කමල් පෙරේරා මහතා ලබාදුන්නේ එදින එවැනි දෙයක් තමාට නොසිතුනත් අද වනවිට එවැනි දේශපාලන බලපෑමක් තිබුණා යැයි තමාට හැඟෙන බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More