රති අපනයනය කිරීමට තහනම් කරමින් ජනපතිවරයා කළ නියෝගයද උල්ලංඝනය කරමින් ප්‍රති අපනයනය කිරීම සඳහා කජු මෙට්‍රික් ටොන් 500ක් දිවයිනට ගෙන්වීමට ප්‍රබල ඇමැතිවරයකුගේ මාර්ගයෙන් ව්‍යාපාරිකයන් පිරිසක් සූදානම් වන බව වාර්තා වේ.
මේ වන විට වයඹ පළාතේ කජු ගොවීන්ගේ වගා බිම්වල කජු මල් පිපී තිබේ. මාර්තු සහ අප්‍රේල් මාසවලදි අස්වනු නෙළීම ආරම්භ කරයි. එහෙත් එම කාලය වන විට කජු තොග ලංකාවට ගෙනැවිත් ප්‍රති අපනයනය කිරීමට ව්‍යාපාරිකයන් පිරිසක් සූදානම් වන බව කජු ගොවීහු පවසති. මෙම නිසා තම නිෂ්පාදනවලට නිසි මිලක් නොලැබෙන බවට ඔවුහු චෝදනා කරති.
මේ දිනවල දිවයින පුරා කජු හිඟයක් පවතින බව කජු සංස්ථාවේ ඉහළ නිලධාරීන් අමාත්‍යාංශයට දැනුම් දී කජු ආනයනය කිරීමට ඉහත කී ව්‍යාපාරිකයන් සූදානම් වන බවද දැනගන්නට තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...