දේශීය පුවත්

නව කොරෝනා වෛරසය පදනම් කර ගනිමින් වුහාන් නගර වැසියන්ට සිදුකරන වෙනස් කොට සැලකීම් සහ සීමා පැනවීම් ලිහිල් කරන්නැයි අමෙරිකාව පදනම් කර ගත් චීන මානව හිමිකම් සංවිධානයක් චීන රජයෙන් ඉල්ලීමක් කරයි. වෛරසයක් පැතිරීම පාලනය කිරීම සඳහා රජයක් මගින් ගෙන යන වැඩපිළිවෙළක් හරහා සිවිල් වැසියන්ගේ මානව හිමිකම්වලට බලපෑමක් එල්ල නොවිය යුතු බවයි එම සංවිධානය පෙන්වා දෙයි.

කොරෝනා වෛසරයේ ව්‍යාප්තියත් සමග එම වෛසරය ආරම්භ වූ වුහාන් නගරය බලධාරීන් විසින් වසා දැමුවේ පුද්ගලයින් මිලියන 11 ක් පමණ ඒ තුළ සිරවී සිටියදීයි. විදෙස් රටවල් රැසක් වුහාන් නගරය තුළ සිරවී සිටින සිය රට වැසියන් මුදා ගැනීමට කටයුතු කළද, චීන වැසියන් මිලියන ගණනක් තවදුරටත් නගරය තුළම සිරවී සිටියි.

මේ අතර කොරෝනා වෛසරය හේතුවෙන් සිය නිවෙස් තුළ සිරවී සිටින වුහාන්, හුබේ සහ තවත් නගර කිහිපයක වැසියන්ට අවශ්‍ය ආහාර පාන හා අනෙකුක් සනීපාරක්ෂක ද්‍රව්‍ය සැපයීමට බලධාරීන් පියවර ගෙන තිබේ.

මේ අතර ඊයේ දිනයේ පමණක් චීනයෙන් වාර්තා වූ කොරෝනා ආසාධිතයින්ගේ සංඛ්‍යාව 2, 102 කින් ඉහළ ගිය බව චීනයේ ජාතික සෞඛ්‍ය කොමිසම තහවුරු කළා. පවතින තත්ත්වය සම්බන්ධයෙන් රජය කරුණු වසන් කරන බවට වාර්තා පළවීමත් සමගයි එම කොමිසම මෙම කරුණු හෙළිදරව් කළේය.

රෝගීන් ඉදිරිපත් වීම ප්‍රමාද වීම හා ඉදිරිපත් වන රෝගීන්ගේ හඳුනාගැනීම් කටයුතු ප්‍රමාදවීම ඇතුළු ගැටලු කිහිපයක් හේතුවෙන් ඇතැම් කරුණු අනාවරණය වීම ප්‍රමාද වන බවයි චීනයේ ජාතික සෞඛ්‍ය කොමිසම වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

මේ අතර යුරෝපය තුළ නව කොරෝනා වෛරසය පැතිර යාමේ අවධානම තවදුරටත් පුළුල් කරමින් ස්පාඤ්ඤය ද අද එරට පළමු කොරෝනා ආසාධිතයා හමුවූ බව තහවුරු කළා. නව කොරෝනා වෛරස් ආසාධිතයින් දෙදෙනෙකු රට තුළ සිටියදී හඳුනාගත් බව ඊයේ ප්‍රකාශ කිරීම හමුවේ බ්‍රිතාන්‍ය තුල සනීපාරක්ෂක ද්‍රව්‍ය වලට ඇති ඉල්ලුම ද ඉහළ ගොස් තිබේ. විදෙස් වාර්තා පැවසුවේ බි්‍රතාන්‍ය තුළ මුඛ ආවරණ අලෙවිය ඊයේ (31) දිනයේදී පමණක් සියයට 846 කින් ඉහළ ගොස් ඇති බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More