දේශීය පුවත්

පළාත් සභා මැතිවරණයට පෙර නව මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමට ප්‍රධාන දේශපාලන පක්ෂ තීරණය කර තිබේ.

මේ සඳහා එක්සත් ජාතික පක්සය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ඒකාබද්ධ විපක්ෂය ඇතුළු දේශපාලන පක්ෂ ගණනාවකගේම අවධානය යොමුවී ඇත.
60..40 ට අනුපාතය අනුව නව මැතිවරණ ක්‍රමය යටතේ පළාත් පාලන ආයතනවලට සභිකයින් තේරී පත්වීම නිසා සැළකියයුතු පළාත් පාලන ආයතන ගණනාවක සභා පිහිටුවීම ගැටළුවක් වී තිබෙන නිසා 50…50 අනුපාතයයටතේ පළාත් සභා මැතිවරණය පැවැත්වුවහොත් පළාත් සභා පිහිටුවීමේදී මීට වඩා ව්‍යාකූල තත්ත්වයක් ඇතිවන නිසා ඊට පෙර පළාත් සභා නව මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමට අවධානය යොමුවී තිබේ.

එක්සත් ජාතික පක්සයේ ප්‍රබල කැබිනට් අමාත්‍යවරයෙකු ප්‍රකාශ කළේ පළාත්සභාවල සභිකයින් සාධාරණ ක්‍රමයකට තේරීපත්වීම සඳහා අවශ්‍ය සංශෝධන ඉදිරිපත්කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුවී තිබෙන බවයි.

ශ්‍රීලංකා නිදහස් පක්සයේ ජාතික සංවිධායක විද්‍ය තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කළේ පළාත් පාලන ආයතනවල ඇතිවී තිබෙන ව්‍යාකුලත්වය පළාත්සභාවලත් ඇතිවීමට පෙර අනිවාර්යයෙන්ම නව මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමට පියවර ගන්නා බවයි. මේ සඳහා දේශපාලන පක්ෂ රැසක්ම කැමැත්ත පළකර තිබෙන බවද සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා සඳහන් කළේය.

ඒකාබද්ධ විපක්ෂයේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රකාශ කළේ පළාත් සභා මැතිවරණයට පෙර නව මැතිවරණ ක්‍රමය සංශෝධනය කළ යුතු අතර ඒ සඳහා ඒකාබද්ධ විපක්ෂයේ උපරිම සහාය ලබානෙ බවයි.
ඒ සඳහා අදාළ සාකච්ඡා සිදුකරමින් තිබෙන බවදවැඩිදුරටත් ඩලස් අලහප්පෙරුම මන්ත්‍රිවරයා පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More